தமிழ்
English
Contact
Saturday 19th June 2021    
වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 15ක් අද සිට විභාගයට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 15ක් අද සිට විභාගයට!



“කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සම් විභාගයට ගැනීම අද(19)ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආරම්භකර ඇත.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් 15 ක් විභාගයට ගැනීමට අගවිනිසුරු විසින් තමන්ද ඇතුළත් ශ්‍රේෂ්ධිකරණයේ පස් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නම්කර ඇත.

මෙම පෙත්සම්කරුවන් අතර ආණ්ඩුවට පක්ෂපාති ලෙස්ලි දේවේන්ද්‍රගේ නිදහස් සේවක සංගමය ඇතුළු ශ්‍රී ලංකාවේ නාවිකයින්ගේ ජාතික සංගමය, නිදහස් වෙළඳ කලාප සහ සාමාන්‍ය සේවා සේවක සංගමය, ලංකාවේ වෙළඳ සංගමය සහ එක්සත් කම්කරු සම්මේලනය සිටී. එපමණක් නොව, ඔවුන් සියල්ලෝම ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජිකයෝ වෙති.
නීතිඥ සංගමය විසින් සිය පෙත්සමින් මෙම වරාය නගර කොමිෂන් පනත අභියෝගයට ලක් කර ඇත්තේ ඒම කෙටුම්පතේ විධිවිධාන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලට පටහැනි බවත්, එමඟින් නීතිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජාතික ජනමත විචාරණයක් අවශ්‍ය බවත් පවසමින් ඉල්ලා සිටිමිනි.

පුළුල් බලතල සහිතව, කොමිෂන් සභාව වරාය නගර ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වීමේදී කම්කරුවන්ට මෙන්ම පුරවැසියන්ට අයිතිවාසිකම් තහවුරුකරන ප්‍රධාන නීති කිහිපයකින් නිදහස් කර ඇත. චීන සමාගමක් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වී ඇති හෙයින් අධිකාරිය ඇති ප්‍රදේශය ‘චීන යටත් විජිතයක්’ වනු ඇතැයි විරෝධතා නැගී ඇත.

විරෝධතා පෙත්සම් ඉදිරිපත් කළ වෘත්තීය සමිති පෙත්සම පෙන්වා දෙන්නේ, පනත් කෙටුම්පත හරහා නෛතික වශයෙන් කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට පවරා ඇති බලතල අනුව කාන්තාවන්ගේ, තරුණ තරුණියන්ගේ හා ළමයින්ගේ රැකියා පනත, සේවක අර්ථසාධක අරමුදල් පනත, සේවක භාර අරමුදල් පනත, සාප්පු හා කාර්යාල සේවක පනත, කාර්මික ආරවුල් පනත, පඩිපාලක සභා ආඥා පනත, කර්මාන්තශාලා ආඥා පනත, මාතෘ ප්‍රතිලාභ ආඥා පනත, 2005 සහ 2016 අයවැය සහන දීමනා පනත, ජාතික කම්කරු අවම වැටුප් පනත උල්ලංඝනය කෙරෙනු ඇත.

මේ අතර අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය ඇතුළු පාර්ශව රැසක් විසින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ බව දැනගන්නට ඇත.