தமிழ்
English
Contact
Saturday 19th June 2021    
වරාය නගර කොමිසමට සාමාජිකයින් පත්කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වරාය නගර කොමිසමට සාමාජිකයින් පත්කරයි



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත්කර කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා එහි සභාපතීත්වය දරණ බවයි.

කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ,

*මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල

*ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම

*ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය

*ඕරල් කෝපරේෂන් – සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු

*මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් – කළමනාකාර අධ්‍යක්ෂ
ජෙරාඩ් ඔන්ඩච්චි

*මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා