தமிழ்
English
Contact
Friday 14th May 2021    
වරාය නගර පනත් කෙටුම්පතට එරෙහිව වෘත්තිය සමිති සටන් මගට සූදානම්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වරාය නගර පනත් කෙටුම්පතට එරෙහිව වෘත්තිය සමිති සටන් මගට සූදානම්!



කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහි දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් රාජ්‍ය අංශයේ වෘත්තිය සමිති රාශියක් මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇත.

දැනට සාකච්ඡාකර ඇති ආකාරයට එක් දින සංකේත වැඩ වර්ජනයක් පවත්වා මෙම පනත් කෙටුම්පත සම්බන්ධව ආණ්ඩුවට බලපෑමක් එල්ල කිරීමට ද පාලකයන් ඒ විරෝධය සළකා බැලීමට සූදානමක් නැතිනම් අඛණ්ඩ වර්ජනයකට එළැඹීමට ද සූදානමින් සිටින බව ද දැනගන්නට ඇත.

ඉදිරි දින කිහිපයේ දී මෙම පනතට එරෙහිව නැගෙමින් පවතින විරෝධය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ගෙන එන ප්‍රතිචාර මොනවාද යන්නත් දැනට අධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් සඳහා ලැබෙන තීන්දු පිළිබඳවත් සළකා බලා එකී වෘත්තිය සමිති ක්‍රියා මාර්ග ගැනීමට වෘත්තිය සමිති අංශ තීරණය කර ඇත.