தமிழ்
English
Contact
Friday 14th May 2021    
වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගය අප්‍රේල් 19 ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගය අප්‍රේල් 19 !



“කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත”ට එරෙහිව විවිධ පාර්ශ්ව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීම අප්‍රේල් 19 වැනිදා සිදු කිරීමට අගවිනිසුරුවරයා තීරණය කර ඇත.

මෙම පෙත්සම් ජයන්ත ජයසූරිය(අගවිනිසුරු), බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු මණ්ඩලය හමුවේ සලකා බැලීමට නියමිතය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කොළඹ වරාය නගර කොමිසම් පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ගොනුකර ඇති පාර්ශ්ව මෙසේය.

  1. තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී කමල් රේණුක පෙරේරා
  2. ‘පුරවැසි බලය’ සංවිධානය වෙනුවෙන් ගාමිණී වියන්ගොඩ හා නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන
  3. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ
  4. සමගි ජන බලවේගය මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර
  5. 43 සේනාංකය වෙනුවෙන් ජාතික හෙළ උරුමයේ මහ ලේකම් බන්දුල චන්ද්‍රසේකර හා ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක
  6. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්ත
  7. පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ
  8. එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර