தமிழ்
English
Contact
Friday 14th May 2021    
වරාය නගර පනත් කෙටුම්පත ගැන පාර්ලිමේන්තු විවාදය කල් දමයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වරාය නගර පනත් කෙටුම්පත ගැන පාර්ලිමේන්තු විවාදය කල් දමයි



කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිසම ස්ථාපිත කිරීමට අදාල පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කල් දමා තිබේ.

මෙම විවාදය හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් අද (04) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙන්නේ එම පාර්ලිමේන්තු විවාදය කල්දැමීමටයි.

විවාදය කල්දැමීමට හේතු වී තිබෙන්නේ ‍පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය තවමත් පාර්ලිමේන්තුව වෙත ලැබී නොමැතිවීම බව වාර්තා වේ.