தமிழ்
English
Contact
Friday 29th May 2020    
වරෙන්තු නිකුත් කර සිටි හේෂා ඇප මත නිදහස් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වරෙන්තු නිකුත් කර සිටි හේෂා ඇප මත නිදහස්



අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු ඇප මත නිදහස් විය.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරිණි.

තමන් සතු දේපලක් හේෂා විතානගේ විසින් සාවධ්‍ය ලෙස පරිහරණය කරන බවට ඇඹිලිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩුව විභාග වේ.