Posted on 02.11.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකාවේ 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස නම්කළ වව්නියාව විශ්ව විද්‍යාලය විවෘත කිරීමට ගිය ජනාධිපතිවරයාට අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පිරිසක් විරෝධය දක්වා තිබේ.
වවුනියාව පම්පමඩුවේ අද විවෘත කළ විශ්ව විද්‍යාලය ඇතුළුවීමට උත්සහ කළ අවස්ථාවේ මාර්ග බාධක යොදා නතර කිරීමත් සමග අතුරුදහන්වූ ඥාතීන් සහ පොලිසිය අතර දැඩි නොසන්සුන්තාවක් ඇති ව තිබේ.
විරෝධතාකරුවන් විශ්ව විද්‍යාලය අසලට යාම වළක්වාලමින් පොලිසිය හා යුද හමුදාව වවුනියාව, පම්පමඩුව යුද හමුදා කඳවුර අසල මාර්ග බාදකයේදී ඔවුන් රඳවාගෙන ඇත.
වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්ව සිටියදී යුද්ධය අවසානයේ සිය දරුවන් ඇතුළු ඥාතීන් අතුරුදහන්වූ බවත් ඔහු මේ සඳහා පිළිතුරු ලබාදිය යුතු බවත් පවසමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවයේ යෙදී ඇත.
ආරක්ෂක අංශ හා පොලිසිය විරෝධතාකරුවන්ට ජනාධිපතිවරයා පැමිණ සිටින වවුනියාව පම්පමඩුව විශ්ව විද්‍යාලය ඉදිරිපිටට ගමන් කිරීමට නොදුන්
අනතුරුව පොලීසිය විසින් බලහත්කාරයෙන් විරෝධතාකරුවන් ඉවත් කර තිබේ.