தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
වසංගතයට එරෙහිව වැඩකරන සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට, යෝජනාවලියක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වසංගතයට එරෙහිව වැඩකරන සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට, යෝජනාවලියක්



මේ වනවිට උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය හමුවේ මහත් කැපවීමකින් සේවයේ යෙදෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් කාර්යක්ෂම සේවයක් ලබාගැනීමේ සහ ඔවුන්ට ආරක්ෂාව සැලසීම සම්බන්ධයෙන් ‘සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය’ විසින් යෝජනා ඉදිරිපත් කරයි.

එම මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ලිපියක් මඟින් මේ යෝජනාවලිය ඉදිරිපත්කර ඇත. එම සම්පූර්ණ ලිපිය පහත පළ කරමු.

“වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්,
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,
සුවසිරිපාය.

කොරෝනා (Covid19) රෝග ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම හා කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට අත්‍යාවශ්‍ය පියවර පිළිබඳ යෝජනාවලිය

මේ වන විට Covid19 රෝග ව්‍යාප්තවීම පිළිබඳව දැඩි අවධානමකට ශ‍්‍රී ලංකාව මුහුණ දෙමින් ඇත. එහිදී එම රෝග ව්‍යාප්තියට හේතුවන වෛරසය සෞඛ්‍යය කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගැනීම සමස්ත සෞඛ්‍යය සේවාවට මෙන්ම එම සෞඛ්‍යය සේවකයන්ගේ මානසික සහනයටද හේතු වේ. වෛද්‍ය, හෙද, කණිෂ්ඨ කාර්ය මණ්ඩල, අතුරු හා සමාන්තර වෛද්‍ය සේවා මෙන්ම, පිරිසිදු කිරීම් වගකීම් භාර කාර්යමණ්ඩලයටද මෙහිදී විශේෂ අවධානමකට මුහුණ දීමට සිදු වේ.
එබැවින් සියලූ සෞඛ්‍යය සේවකයන්ට,

  1. නිසි ප‍්‍රමිතියෙන් යුත් මුහුණ ආවරණ ප‍්‍රමාණවත් පරිදි ලබාදීම.
  2. නිසි සෞඛ්‍යය ආරක්ෂිත ශරීරාවරණ ප‍්‍රමාණවත් පරිදි ලබාදීම.
  3. ප‍්‍රවාහන පහසුකම් ප‍්‍රමාදවීම්වලින් තොරව, ප‍්‍රමාණවත් සෞඛ්‍යය ආරක්ෂිත ක‍්‍රමවේදයකට ලබා දීම.
  4. අත්‍යාවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය මිලදී ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීම.
  5. ඉඳුම් හිටුම් හා නේවාසික පහසුකම් ආශ‍්‍රිතව පැනනැගී ඇති ගැටලූ හඳුනාගෙන කඩිනම් විසඳුම් ලබාදීම. (උදා- 1. ඇතැම් කුලී නිවාස හිමියන් සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ලබාදී ඇති වාසස්ථාන නැවත ලබා ගැනීම වැනි ක‍්‍රියා නිසා මුහුණ දී ඇති අපහසුතා 2. මින් පෙර නිවසේ සිට රැකියාවට පැමිණි සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් රෝහල ආශ‍්‍රිතව තාවකාලිකව නේවාසිකව සිට රැකියා කිරීමට ඉල්ලා සිටින අවස්ථාවලදී අවශ්‍ය කටයුතු සැලසීම.)
  6. රෝහල් පිරිසිදු කිරීම භාරව සිටින කාර්ය මණ්ඩලවලටද අවශ්‍ය පරිදි ආරක්ෂිත ග්ලවුස් සහ පා ආවරණ (Boots) ලබාදීම.
  7. සෞඛ්‍ය කාර්යමණ්ඩල රෝහල් තුළ සේවා සැපයීමේදී මුහුණ දෙන වෙනත් දුෂ්කරතා සොයා බලා අවශ්‍ය විසඳුම් ලබාදීම සඳහා දිනපතා රැස්වී අත්‍යාවශ්‍ය මැදිහත්වීම් කරන ව්‍යුහයන් (රෝහලට සම්බන්ධ සියලූ පාර්ශ්වවල සහභාගිත්වයෙන්) ක‍්‍රියාත්මක කිරීම.

ස්තූතියි

මෙයට,
වෛද්‍ය නිලාන් ප‍්‍රනාන්දු (0714 706 815)
සංවිධායක ලේකම්
සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය
2020.03.26″