தமிழ்
English
Contact
Friday 16th April 2021    
වසංගතයට මුවා වෙලා ඇඟලුම් සේවකයන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරලා - ඇඟලුම් සේවක වෘත්තීය සමිති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වසංගතයට මුවා වෙලා ඇඟලුම් සේවකයන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරලා – ඇඟලුම් සේවක වෘත්තීය සමිති



කොවිඩ් 19 වසංගත තත්ත්වයට මුවා වී ඇඟලුම් කර්මාන්ත සේවකයන් ලක්ෂ තුනකගේ පමණ අයිතිවාසිකම් දිගින් දිගටම කප්පාදු කරමින් කර්මාන්තශාලා හිමියන් ලාභ ලබමින් සිටින බව නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් පවසා තිබේ.

ඉකුත් සමය තුළදී නිදහස් වෙළෙඳ කලාප සේවකයන් 55,000කගේ පමණ රැකියාද අහිමිකොට ඇති බවත් 2020 මාර්තු, අප්‍රේල් සහ මැයි මාසයන්හි සමස්ත නිදහස් වෙළෙඳ කලාප සේවකයන්ගේ දළ මාසික වේතනයෙන් 40%ක පමණ ප්‍රමාණයක් අහිමිකර ඇති බවත් නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සමලේකම්වරයා පවසයි.

කොවිඩ් වසංගතය උත්සන්නව පැවැති සමයේ වුවද නිදහස් වෙළෙඳ කලාප කම්කරුවන් 275,000කට අධික පිරිසක් රටේ මුළු අපනයනවලින් 40%ක් නියෝජනය කරමින් සේවයෙහි නියුතු වූ බවත් අවම කොන්දේසි කෙරෙහි හෝ අවධානය යොමු නොකොට හාම්පුතුන් විසින් සේවකයන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් නොසලකා හැරීම පිළිබඳව සේවකයන් ඇතුළු වෘත්තිය සමිති දැඩි විරෝධය පළ කරන බවද සමලේකම්වරයා මෙහිදී පවසා ඇත.