தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
වසංගතයෙන් කොළඹ මරණ ඉහළ යයි - රටතුළ කොරෝනා රෝගී මරණ 83ක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වසංගතයෙන් කොළඹ මරණ ඉහළ යයි – රටතුළ කොරෝනා රෝගී මරණ 83ක්



ඊයේ (21) දිනය තුළදී කොළඹ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයන් 9 දෙනකු මියයාමෙන් කොළඹ නාගරිකයේ කොරෝනා රෝගය බරපතළ තර්ජනයක් බව නැවත වරක් තහවුරුකර ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ කොළඹ නාගරික ප්‍රදේශ කිහිපයක වයෝවෘද්ධ හා මැදිවියේ පුද්ගලයන් බව පෙනී යන කරුණකි. වාර්තා අනුව, මියගොස් ඇත්තේ වයස අවුරුදු 48, 69, 75 සහ 76 යන වයස්වල කාන්තාවන් 4දෙනකු ද අවුරුදු 57, 65, 89, 72 සහ 76 යන වයස්වල පසුවන පිරිමි 5 දෙනකුද වේ. ඔවුන් අයත්වන්නේ කොළඹ 2, කොළඹ 10, කොළඹ 13, වැල්ලවත්ත, වැල්ලම්පිටිය, දෙමටගොඩ යන ප්‍රදේශවලටය.

මෙම මරණ 9 ත් සමඟ ලංකාවේ කොරෝනා රෝගී මරණ සංඛ්‍යාව 83 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ දින කොරෝනා ආසාදිතයන් 487ක් හඳනාගැනීම නිසා රටතුළ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 19,771 දක්වා ඉහළ ගොස් ඇත.