தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
වසංගතයෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 45.7කට රැකියා අහිමියි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වසංගතයෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 45.7කට රැකියා අහිමියි



‘කොවිඩ්-19’ වසංගත තත්ත්වයත් සමඟ ආසන්න වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 45.7කට රැකියා අහිමි වී ඇතැයි එරට කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය සතියේදී තවත් මිලියන 1.5ක් රැකියා අහිමි වූ බව දන්වා ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

රැකියා අහිමි වූවන්ගේ ගණන සතියෙන් සතිය වේගයෙන් ඉහළ ගිය මෙවර වාර්තා වී ඇති ගණන පසුගිය සතියට වඩා 58,000කින් අඩු යැයි පැවසේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ විරැකියා අනුපාතය ද ඉහළ වන අතර ප්‍රතිලාභ ලබන ගණන සියයට 14.1 අගයේ රැඳී ඇත.

මිලියන 20.5ක් තවමත් ප්‍රතිලාභ ලබන බව ද පැවසේ.