Posted on 01.06.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) කොරෝනා වසංගතය හේතුවෙන් අඛණ්ඩ සේවා වගකීම්වලට වෙහෙසෙන හා පවුලේ දුෂ්කරතා විඳින අතරම සේවක අයිතිවාසිකම් අහිමි කළ සෞඛ්‍ය සේවකයන් දහස් ගණනක් අද (06) දහවල් කෑම පැයේ විරෝධතාවකට එක්වූහ.
ආණ්ඩුව විසින් ලබා දෙන බවට පොරොන්දු වූ ඉල්ලීම් 10 මුල්කරගනිමින් ‘ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගම’ය විසින් අද දින රෝහල් ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණ කැඳවා තිබිණි. දිවයිනේ රෝහල් 17ක අනියම් සේවකයන් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩල ඇතුළු සේවකයන් 2000 ට ආසන්න ප්‍රමාණයක් මෙම උද්ඝෝෂණ සඳහා එක් වූහ. කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, කලුතර නාගොඩ, කෑගල්ල, නුවරඑළිය මහ රෝහල්, වාලච්චේන මූලික රෝහල යනාදී වශයෙන් රෝහල් 17 ඉදිරිපිට මෙම උද්ඝෝෂණ සාර්ථකව පවත්වන ලදී.
කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පැවති උද්ඝෝෂණය අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වු ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසා සිටියේ සතියක් තුළ මෙම ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
රෝහල් සේවක ඉල්ලීම් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් මෙසේ ගොනුකර තිබිණි.