Posted on 05.14.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ වනවිට වසංගත තත්වය වසරකට වැඩි කාලයක් පවතින නමුත් වරින්වර එළවළු කොවීන්ට සිදුවන අසාධාරණයන් සම්බන්ධ නිසි ක්‍රමවේදයක් නොමැති බව පෙන්වා දෙමින් එළවළු වගාකරන ගොවියෝ ජනමාධ්‍ය හමුවේ සිය කෝපය හා විරෝධය පළ කරති.
2020 මාර්තු මාසයේ සිට මෙරට වසංගතය හමුවේ ආහාර බෝග වගාවේ නියැලීමේදී ගොවි ජනතාව මහත් පීඩාවකට ලක්ව සිටිති. ආණ්ඩුව මාධ්‍ය හමුවේ පවසන්නේ ආර්ථික මධ්‍යස්ථානවල සිට ආහාර ද්‍රව්‍ය තොග මිලදී ගැනීමේ හා ප්‍රවාහනය කර බෙදා හැරීමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවය. නමුත් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ එළවළු ගොවියන් ඇතුලු ආහාර නිෂ්පාදකයන් සිය ණය ගෙවා ගන්නට නොහැකි තරමට අස්වනු විකිණීම නතර වී ආදායම අහිමිවන තැනකට පත්වීමය.
මේ වනවිට බදුල්ල දිස්ත්‍රික්කයේ හා නුවර එළිය දිස්ත්‍රික්කයේ එළවළු ගොවීන් කැප්පෙටිපොළ හා බණ්ඩාරවෙල ආර්ථික මධයස්ථානවල එළවළු ගෙනැවිත් සිටියදී ඒවා මිලයට ගැනීමට කිසිවකු නොමැතිකම නිසා පීඩාවට පත්ව සිටිති. නමුත් කෘෂිකර්ම ඇමති හා වෙළඳ ඇමති පවසන්නේ සියළු එළවලු මිලයට ගන්නා බව හා රට පුරා බෙදන වැඩපිළිවෙළක් ඇති බවය.