தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
වසංගතය නිසා මෙරටට එන්න ලාංකිකයන් පෝලිමේ - මැදපෙරදිගින් එන විනිමය ආදායම අඩු වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වසංගතය නිසා මෙරටට එන්න ලාංකිකයන් පෝලිමේ – මැදපෙරදිගින් එන විනිමය ආදායම අඩු වේ!



කොරෝනා වසංගත තත්වය නිසා ලාංකික විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ඉකුත් අප්‍රේල් මාසයේදී 32.3% කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.

2019 අප්‍රේල් මාසය හා සසඳා බලන විට මේ වසරේ අප්‍රේල් මාසයේදී විදෙස් ගත ශ්‍රී ලංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 375ක් දක්වා අඩු වී ඇත. කොරෝනා වසංගතය මැදපෙරදිග ව්‍යාප්ත වූ පෙබරවාරි මාසයේ සිට එම රටවල විදේශ ශ්‍රමිකයන්ව සිටි ලාංකිකයෝ ලංකාවට පැමිණියහ. එහෙත් මාර්තු මසදී ගුවන්තොටුපළ වසාදැමීම් හේතුවෙන් සහ මැදපෙරදිග රටවල් වසා දැමීම හේතුවෙන් ලාංකිකයන් ලක්ෂ ගණනක් ලංකාවට එන්නට නොහැකිව ජනාදිපතිවරයාටත් විදේශ රැකියා අමාත්‍යංශයටත් ආයාචනා ඉදිරිපත්කරන ලදී.

කෙසේ වෙතත් ලංකාවට වෙනත් රටවල සිට කිසිවකු ගෙන්වා නොගැනීමට ආණ්ඩුව තීරණය කිරීමෙන් මැදපෙරදිග ලාංකික ශ්‍රමිකයෝ එම රටවල ව්‍යාප්තවන වසංගතයේ අවදානමට ගොදුරු වූහ. එහිදී මෙරටට විදේශ විනිමය රුත බිලියන 6.7ක් පමණ උපයා දෙන විදේශ ශ්‍රමිකයන් සහ විශේෂ ප්‍රශ්නවලට මුහුණ දෙන ගෘහසේවිකාවන් ජීවිත අවදානමකට ඇද දමන ලදී. මාර්තු මාසයවන විටත් රැකියා ස්ථානවලින් පිටමං කිරීම හෝ වසංගතය හමුවේ පළායාමට පටන්ගැනීම නිසා ලාංකික ශ්‍රමිකයන් යන එනමං නැති තත්වයට ඇද වැටුණි. තානාපති කාර්යාල සහාය නොලැබෙන බවටද ඔවුහු චෝදනා නැගූහ. ඇතැම් තානාපති කාර්යාල ඉදිරිපිට හිමිදිරි පාන්දර සිට පෝලිමේ සිටියද තානාපති කාර්යාල නිලධාරින්ගෙන් සහායක් හෝ සහන ප්‍රතිචාර නොලැබෙන බව ඔවුහු සමාජ මාධ්‍ය ඔස්සේ ලංකාවේ සිය ඥාතීන්ට මැසිවිලි කියන්නට පටන් ගෙන තිබිණි. නමුත් ආණ්ඩුව මැති ඇමතිවරුන්ගේ ඥාතින් විදේශයන්හි සිට මෙරටට රැගෙන ඒමට විශේෂ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග ගෙන වෙනම ගුවන් යානා පවා පිටත්කර හරින ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව පසුගිය වසරේ මුල් මාස හතරේදී මෙරටට ලැබී ඇති විදේශගත සේවක ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 2,171ක් වන අතර මේ වසරේදී ලැබී ඇති ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,975කි.
මේ වනවිටත් මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 23 දෙනකු වයිරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇති අතර 2000කට වැඩි පිරිසකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මැදලෙරදිග ආරංචි මාර්ග සඳහන් කරයි.

නව කොරෝනා වයිරසය හේතුවෙන් පසුගිය අප්‍රේල්, මැයි සහ ජූනි යන මාසවලදී මැදපෙරදිග සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 8,000කට පිරිසක් නැවත මෙරටට පැමිණ ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

තවත් 40,000ක් මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔවුන්ගෙන් 25,000කට ආසන්න පිරිසක් මෙරටට ගෙන්විය යුතුව සිටින බවත් එම කාර්යාංශය සඳහන් කරයි. කෙසේවෙතත් මේ වනවිට තානාපති කාර්යාලවල ලියාපදිංචිව සිටින දහස් ගණනකට සහනයක් ලැබෙන ප්‍රතිචාරයක් ආණ්ඩුව විසින් ලබා දී නැත.

කොරෝනා නිසා නිවෙස්වල ජීවිතය අහිමිව, මහමගට වැටී….
කොරෝනා රෝගයට ගොදුරු වී මියගිය කාන්තාවක්