தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
වසංගතය පාලන සීමා ඉක්මවන්නට පෙර වහා පියවර ගත යුතුයි! - රජයේ වෛද්‍ය නිලධාරිහු පවසති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වසංගතය පාලන සීමා ඉක්මවන්නට පෙර වහා පියවර ගත යුතුයි! – රජයේ වෛද්‍ය නිලධාරිහු පවසති



වහා පියවර නොගතහොත් කොරෝනා වසංගතය පාලනය කළ හැකි සීමා ඉක්මවා යන්නට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමය පෙන්වා දෙයි.

මේ වනවිට වසංගතය ව්‍යාප්ත වී ඇති ප්‍රදේශවල ගම් වසා දමා ආර්ථික කටයුතු වෙනුවට සහන ලබාදී ඒ් සඳහා මූලික තැනක් ලබාදිය යුතු බව වෛද්‍යවරු පවසති. ආර්ථික කටයුතු වෙනුවෙන් ආයතන පවත්වාගෙන යාමෙන් ඇතිවන සේවක සේවිකාවන්‌ගේ විවිධ ආබාධ මෙන්ම සේවා ගැටලු විසඳීම සරල නැත. ආර්ථිකය දුර්වල වන බව පෙනී පෙනී ආණ්ඩුවට පත් වූවන් ඉටුකරමින් තිබෙන්නේ බලය තහවුරුකර ගැනීමේ පියවර පමණි.

මේ තත්වය යටතේ රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර සිදුකරන අතර අලුතින් රෝගාතුරවීමද වේගවත් වේ. එක දිගට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සේවය ලබාගැනීමෙන් රෝහල්වල අවශ්‍ය ධාරිතාවට සේවා සැපයීමට අසමත් වීමෙන් පවතින සීමිත සෞඛ්‍ය පහසුකම් කඩාවැටීමට නියමිතය. මේ නිසා රජයේ රෝහල් හා ඒ්කාබද්ධ කරවා පෞද්ගලික රෝහල්වල පවා කෝවිඩ් 19 සේවාවන් ආරම්භ කිරීමට පෙලඹීමක් ඇතිව තිබේ. කෙසේවෙතත් රජයේ සේවා සපයන ඒ් හා සමාන ආයතනයක් ඇති කිරීමට නම් සෞඛ්‍යාරක්ෂාව පළමු තැනට තබා ගෙනයන වැඩපිළිවෙළක් අවශ්‍ය බව වෛද්‍ය සංගම් කිහිපයක්ම යෝජනාකර තිබිණි. ඒ් වෙනුවට සන්නද්ධ හමුදා සාමාජිකයන් යොදවාගෙන මර්දනකාරි තත්වයක් ආණ්ඩුව විසින් පවත්වාගෙන යාම ඔවුන්ගේ විරෝධයට හේතු විය.