தமிழ்
English
Contact
Thursday 29th October 2020    
වසංගතය පැතිරෙන කලාප හඳුනාගෙන ලොක්ඩවුන් නොකළොත් මුළු රටම අවදානමක - GMOA | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වසංගතය පැතිරෙන කලාප හඳුනාගෙන ලොක්ඩවුන් නොකළොත් මුළු රටම අවදානමක – GMOA



කලාප ලොක් ඩවුන් කිරීමේ ක්‍රියා පටිපාටිය නිවැරදිව ක්‍රියාත්මක නොකළ හොත්, වෛරසය පැතිරීමේ කලාප හදුනා නොගැනීම හරහා මුළු රටම අගුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඊයේ ප්‍රකාශ කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ දැනට මුළු රටම ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් එය දැනට ගනු ලබන තීරණ මත රඳා පවතින බවත්ය.

“කොවිඩ් -19 රෝගීන් සහ ඔවුන්ගේ සමීප සම්බන්ධතා වාර්තා වී ඇති ප්‍රදේශ අප විසින් හඳුනාගත යුතුය. ප්‍රධාන වගකීම වසංගත රෝග විද්‍යා ඒකකය සතු වෙනවා. වසංගත රෝග විද්‍යා ඒකකය අදාළ බලධාරීන් සමඟ කිසිදු විස්තරයක් බෙදා ගන්නෙ නැහැ. ඒ නිසා ජනතාවට වසංගතය පැතිර පවතින ප්‍රදේශ සොයා ගැනීම ගැටලුවක් වෙනවා.”

වෛරසය පැතිරීම, වෛරසය ආසාදිත බව තහවුරු වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ සමීප සම්බන්ධතා පහසුවෙන් හඳුනා ගැනීම සඳහා ජීපීඑස් තාක්ෂණය හෝ ඩිජිටල් සිතියම් ගතකිරීම යොදාගන්නා ලෙස GMOA ඊයේ වසංගත රෝග විද්‍යා ඒකකයෙන් ඉල්ලා සිටියේය.

හානියට පත් කලාප , අතරමැදි කලාපය සහ ආරක්ෂිත කලාප නිවැරදිව සිතියම් ගත කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ බලධාරීන්ට උපදෙස් දිය හැකි බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.