தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
වසංගතය මර්දනය කරනකම් රට වහගෙන ඉන්න බැහැ - ගෝඨාභය රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වසංගතය මර්දනය කරනකම් රට වහගෙන ඉන්න බැහැ – ගෝඨාභය රාජපක්ෂ



වෛරසය මර්දනයට පිළියමක් සොයා ගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බවත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සියලු දෙනා දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සූදානම් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ.

කොරෝනා ව්‍යාප්තිය නිසා රට තුල ඇඳිරි නීතිය පැනවීමෙන් හෝ හුදෙකලා කිරිමෙන් දෛනික ආදායම් මත යැපෙන ජනතාවට මුහුණ පෑමට සිදුවන අපහසුතා ගැන තම අවධානය යොමුව ඇති බවත් වෛරසයෙන් ආරක්ෂාවී රටේ සාමාන්‍ය කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමට සියලු දෙනා සුදානම් විය යුතු බවද මෙහිදී ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

“කොයි තරම් කිව්වත් ඒ කරුණු පිළිනොපදින පුද්ගලයින් කිහිප දෙනෙක් අප සමාජයේ ඉන්නවා. ඒ අයවත් හරියට පාලනය කරගෙන, නිරෝධායන කටයුතු සහ පරීක්ෂණ කටයුතු නිසි ලෙස කරගෙන ගියොත් අපිට රට විවෘත කරගෙන ඉදිරියට යන්න පුළුවන්. එකට ජනතාවගේ කැපවීම අත්‍යවශ්‍යයි” ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් පවසා ඇත.

රටේ දෛනික ආදායම් උපයන ජනතාව ගැන සිතීම යනු ඇඳිරි නීතිය ඉවත්කොට ඔවුන්ගේ ජීවිත අවදානමේ දැමීම නොව ඇඳිරි නීතිය කාලයේදී ඔවුන්ට විවිධාකාරයෙන් සහන ලබාදීමයි. ඊට අමතරව සෞඛ්‍ය සේවයට අවශ්‍ය සම්පත් ලබාදී එය කාර්යක්ෂම කර වසංගතය මැඩලීමට පියවර ගැනීමයි. මේ කිසිදු දෙයක් සිදු නොකර රට විවෘත කළ යුතු බව පැවසීමෙන් තව තවත් ජනතාව වසංගතයට බිලිවීම හැර වෙන කිසිවක් සිදු නොවේ.