தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
මහා ව්‍යසනයක ලකුණු - බලධාරින් තවමත් නිසි පියවර ගෙන නෑ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහා ව්‍යසනයක ලකුණු – බලධාරින් තවමත් නිසි පියවර ගෙන නෑ!



(TopNews) කොරෝනා වසංගතය තුන්වන රැල්ලක් ලෙස වර්දනය වත්ම ඊට ක්ෂනිකව ක්‍රියාත්මක වී වහා ප්‍රතිචාර දැක්වීමක් අපේක්ෂ කළද දේශපාලන නායකත්වය විසින් අවශ්‍ය තීරණ හා අනුමැතිය ලබා නොදීම හේතුවෙන් මහා විනාශයක් කරා රට ගමන්කරන බව පෙනෙන්නට තිබේ.

වසරකට වැඩි කාලයක් ගෙවී ඇති වසංගත තත්වය තුළ අවශය සෞඛ්‍ය පහසුකම් වරැඩි කිරීමේ පියවර ගෙන නැත. විශේෂයෙන් පසුගිය වසරේ අයවැය ප්‍රකාශය තුළ මේ වසරට සෞඛ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේදී පසුගිය වසරට වඩා රුපියල් බිලියන 20කින් කප්පාදුකර තිබුණු අතර එහි ප්‍රතිඵල ලෙස අවශ්‍ය රෝහල් පහසුකම් හෝ වෛද්‍ය උඵකරණ හිගය දක්නට ඇත.
පසුගිය වසරේ ප්‍රකාශ වූ ආකාරයට දැඩි සත්කාර ඒකකය ඇඳන් 550ක් තිබියදී එම සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි කිරීමේ ඉලක්කයක් සම්බන්ධ සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබිණි. නමුත් මේ වනවිට එම දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 700ක් බව ප්‍රකාශිත වීමෙන් බලධාරින් ප්‍රමුඛතාවය දී ඇති ආකාරය පැහැදිලි වේ. වසංගතයක් සඳහා මුහුණ දීමේදී මහජන අවශ්‍යතා වෙනුවෙන් ඇඳන් 150ක් වැඩි කිරීම ප්‍රමාණවත්ද යන්න සෞථ්‍ය සේවකයෝ ප්‍රශ්න කරති. මෙම නොසැලකිලිමත්කම රජයේ වෙනත් නාස්තිකාර වියදම් සම්බන්ධයෙන් එසේ නොවන බවද ඔවුහු පවසති.

මෙසේ මහජන සෞඛ්‍ය සේවයට කළ කප්පාදුව නිසා රෝගීන් ජීවිත අවදානම දරා ගනිමින් සිටින බව දැන් සංඛ්‍යාත්මකව පෙන්නුම් කරමින් තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා රෝගීන් 185ක් දින හතරක පමණ කාලයක් තිස්සේ ඔවුන්ගේ නිවෙස්වලම තබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොරෝනා රෝගීන් පිළිබඳව සෞඛ්‍ය අංශවලට අවස්ථා ගණනාවක දැනුම් දී ඇතත් එම රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලැබී නැතැයි ද වාර්තා වේ.
කොරෝනා වැළැක්වීමේ එන්නත් ලබාගැනීඹ සඳහා අවශ්‍ය මූලිකත්වය දෙනවා වෙනුවට ලංකාවේ විශේෂත්වයන් ගැන පුරසාරම් කියමින්, දේශීය ක්‍රම හා මිත්‍යාවන් වපුරමින් සෞඛ්‍ය ඇමතිවරයා ඇතුලු ආන්ඩුවේ නායකයන් උමතුවෙන් කටයුතු කළ අතර සෞඛ්‍ය බලධාරින් නිහඬ කරවීමට බලහත්කාරය හා තර්ජන යොදාගන්නා ලදී, මේ පසුබිම තුළ පහළ මට්ටමේ සෞඛ්‍ය සේවකයාගේ සිට සෞඛ්‍ය අධ්‍යක්ෂ දක්වා වසංගතයේ අත්දැකීම් ඇසුරින් පාලකයන් වෙත ලබාදුන් අනතුරු ඇඟවීම් නෑසු ලෙස දේශපාලන ඉලක්කවලට වැඩ කරමින් සිටින බවක් පෙනී යයි. මේ වනවිට රට වසා දැමීමක් නොකර ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ වැදගත්කම පාලකයන් විසින් අවධාරනය කරමින් සිටී. නමුත් රෝගීවන සියලු වයස් කාණ්ඩවල ජනතාවගේ ජීවිත සම්බන්ධ වගකීම ඔවුන් අත්හැර දමා ඇත.

මේ වනවිට කොරෝනා රෝගය ව්‍යාප්ත වීමේ තත්වය යටතේ වසංගතය පාලනය කිරීමක් වෙනුවෙන් රට සම්පූර්ණ වශයෙන් වසා දමා සංචාරක සීමාවන් පැනවීමක් කරන ලෙස මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය විසින් කළ ඉල්ලීම කෙරෙහි බලධාරින් තවමත් අවධානය යොමු කර නැති බව ඒ සංගමය පවසයි.

මෙම ඉල්ලීම දිගින් දිගටම කරමින් සිටින්නේ වසංගතයේ ව්‍යාප්තවන ආකාරය අනුව එය පාලනය කිරීමේ අවශ්‍යතාව හා ඇති විය හැකි අවදානම සළකමින් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පුවත්පත් වෙත කරුණු දක්වා ඇත.

මේ වනවිට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දිනකට දහසකට වැඩි ගණනක් හමුවන අතර ඊයේ එය 1500ක් විය. මෙම තත්වය නිසා රෝගීන් ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට ගෙන යාම ප‍්‍රමාද වීම් තව දුරටත් සිදුවන බව ද රෝහල් පිරී යාම මෙන්ම පහසුකම් නැතිවීඹ අපේකෂා කළ හැකි බව ඔහු කියා සිටියේය.
මෙසේ රෝගීන් රෝහල් වල ප්‍රතිකාර කිරීමේ සීමාවන් නිසා අවශ්‍ය අවස්ථාවේ ප්‍රතිකාර ලබාදීම සිදු නොවීම හේතුවෙන් මරණ සංඛ්‍යාව වැඩි වීමට ඉඩකඩ ඇති බවත් ඔහු පෙන්වා දෙයි.