தமிழ்
English
Contact
Saturday 19th June 2021    
වසංගත අවදානම මැද ඉංජිනේරු සංස්ථා සේවකයන් දින 5 අනිවාර්ය සේවයට කැඳවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වසංගත අවදානම මැද ඉංජිනේරු සංස්ථා සේවකයන් දින 5 අනිවාර්ය සේවයට කැඳවයි!



කෝවිඩ් වසංගත අවදානම තිබියදී ඉංජිනේරු සංස්ථා සේවකයන් දින 5 සේවයට කැඳවීමේ තීරණය සම්බන්ධයෙන් අද(11) ඉංජිනේරු සංස්ථා සේවක සංගම් 4ක් විරෝධය ප්‍රකාශ කර ඇත.

ඉංජිනේරු සංස්ථා සභාපතිවරයා වෙත ලිපියක් යවමින් මෙසේ විරෝධය පළකර ඇත්තේ ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය, සමගි සේවක සංගමය, ජාතික සේවක සංගමය, ඉංජනේරු සංස්ථා පරිපාලන සේවා නිලධාරින්ගේ සංගමය හා කාර්මික හා සාමාන්‍ය කම්කරු සේවක සංගමය විසිනි. වසංගතය බලවත් මට්ටමක පවතින නිසා රටේ සංචරණ සීමා ක්‍රියාත්මක කරමින් සේවා ස්ථාන සම්බන්ධ සෞඛ්‍ය පිළිවෙත් නීති ගතකර ක්‍රියාවට නගද්දී ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් අවදානමට හෙළමින් ගෙන යන මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධ තමන් දැඩිව විරෝධය පළකරන බව සේවක සංගම් දන්වා ඇත. මේ සම්බන්ධ චක්‍රලේඛ වහා වෙනස් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් සේවකයන්ට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට යම් අවදානමකට මුහුණදීමට සිදු වුවහොත් එහි වගකීම පරිපාලනය විසින් භාර ගත යුතු බවද බවද එම ලිපියෙන් සභාපතිවරයාට දැනුම් දී ඇත.