தமிழ்
English
Contact
Monday 6th July 2020    
වසංගත තත්ත්වය පාලනය සඳහා නව නීති පනවනවා - අජිත් රෝහණ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වසංගත තත්ත්වය පාලනය සඳහා නව නීති පනවනවා – අජිත් රෝහණ



කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරිම සඳහා නව නීති මාලාවක් ගැසට් කිරිම ඉදිරි දින කිහිපය තුළ සිදුකිරිමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර ඇත.

ජනජිවිතය යථාතත්වයට පත් කිරිමේ වැඩපිළිවෙළෙ දී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ජනතාවගේ හැසිරීම කණගාටුදායක බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ ලබා දී ඇති නිර්දේශවලට පටහැනිව ඇතැම් පිරිස් කටයුතු කරන ආකාරය පසුගිය දින කිහිපය තුළ දක්නට ලැබුණු බවයි.

රූපවාහිනී වැඩසටහනක් සමඟ එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙම අදහස් පළ කළේය.