தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
වසරක් තිස්සේ යුක්තිය අහිමි කළ අහ්නාෆ් ජසීම් නිදහස් කිරීමට ඉල්ලීම් රැසක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වසරක් තිස්සේ යුක්තිය අහිමි කළ අහ්නාෆ් ජසීම් නිදහස් කිරීමට ඉල්ලීම් රැසක්!



(TopNews) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අවුරුද්දක් පුරා චෝදනා හෝ නඩු විභාගයක් නැතිව රඳවාගෙන සිටින කවියෙකු වන අහ්නාෆ් ජසීම් නිදහස් කිරීමට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 13ක් ඉල්ලීම් සිදුකර ඇත.

මේ වනවිට මර්දනකාරී නීති යටතේ රඳවා සිටින 26 හැවිරිදි කවියාට අදාළ චෝදනා ඇත්නම් වහාම නඩු පැවරීමට පියවර ගන්නා ලෙසත් නොඑසේ නම්, ඔහු වහා නිදහස් කිරීමට කටයුතු කරන ලෙස මේ ඉල්ලීම් ඉදිරිපත්කර ඇත්තේ JDS, PEN International, Amnesty International, Sri Lanka Campaign for Peace & Justice, International Truth & Justice Project, Australian Centre for International Justice, Human Rights Watch, Article 19, FREEMUSE, Centre for Justice and Accountability, IMADR, People for Equality and Relief in Lanka (PEARL) සහ The International Working Group යන සංවිධාන විසිනි.

කවියකු හා ගුරුවරයකු ලෙස ඔහුගේ ක්‍රියාමාර්ග සැක සහිත නම්, ඔහු උසාවියට ​​ගෙන ගොස් සාධාරණ නඩු විභාගයකට භාජනය කළ යුතු බවත්, තමා නිවැරදි බව ඔප්පු කිරීමට ඔහුට අවස්ථාව ලැබෙනු ඇත්තේ එසේ කිරීමෙන් පමණක් බවත් එම සංවිධාන විසින් අවධාරණය කර තිබේ.

මේ වනවිට ලංකාවේ ප්‍රධාන පුස්තකාලවල කියැවීමට තබා ඇති ජසීම්ගේ ‘නවරාසම්’ කාව්‍ය සංග්‍රහය රට තුළ තහනම් කර නොමැත. 2019 අප්‍රේල් 21 අන්තවාදී ප්‍රහාර සම්බන්ධ විමර්ශන අසම්පූර්ණ බව නීතිපතිවරයාම සඳහන්කර ඇති නමුත් කිසිදු චෝදනා නොමැතිව අහ්නාෆ් ජසීම් ඇතුලු පිරිසක් අත්අඩංගුවේ රඳවා තබා ඇත. මේ වනවිට ලංකාවේ මුස්ලිම් ප්‍රජාව දිගින් දිගටම කෙනෙහිලිකම්වලට ලක්කර ඇත. මේ අතර චූදිතයකු ලෙස පිළිගෙන ව්‍යාජ පාපොච්චාරණයක් කිරීමට තම සේවාදායකයාට බල කෙරුණු බව අහ්නාෆ්ගේ නීතිවේදියා පවසයි. වසර දෙකකට පෙර සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ අතරතුර පාසලක දී. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු මාස ​​නීතිඥවරයකුට ඔහු වෙත සේවය සැලසීම පිණිස ඔහු හමුවීමට අවසර නොලැබුණි. මේ වනවිට බලාත්මක ත්‍රස්ත.වාදය වැළැක්වීමේ පනත යටතේ මාස 18ක් පුද්ගලයකු රඳවා තබාගැනීමට ආරක්ෂක අංශවලට අයිතිය ලබා දී ඇත.

මෙම මර්දනකාරී නීතිවලින් ලංකාවේ අන්තවාදය පරාජය කිරීම වෙනුවට වඩාත් අන්තවාදී ප්‍රවණතා බිහිවන ආකාරයෙන් සුළුතර ජාතික ප්‍රජාවන්ට මහත් හිරිහැර සිදු කරයි. මෙැවනි මර්දනකාරී නීතිවලට එරෙහිව සමාජ මතයක් ගොඩනැගීමටත්, එම නීති අහෝසි කිරිමට බලකිරීමටත් ලංකාවේ වාමාංශික පක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ බලවේග ක්‍රියාකාරීව හඬ නගමින් සිටී. කෙසේවෙතත් ඒ වෙනුවෙන් අඛන්ඩ උද්ඝෝෂනයක් නොමැතිකම නිසා ආණ්ඩුවේ මර්දනකාරී පාලනයට අභියෝගකයක් එල්ල වී නැත.