Posted on 02.16.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ගෙවී ගිය දශකය තුළ ලෝකයෙන් සදහටම තුරන් වූ දියගොඩ දෙකෙහිම වාසය කරන සතුන් අතුරින් වැඩිම පිරිසක් අහිමි වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බව හෙළි වී තිබේ
වඳවී ඇති උභය ජීවී විශේෂ තිස් පහකින් විශේෂ විසි එකක්ම ශ්‍රී ලංකාවට ආවේනික උභයජීවින් බව රතු දත්ත පොතේ වාර්තා උපුටා දක්වමින් පරිසරවේදීන් අමාත්‍ය මහින්ද අමරවීර ට පෙන්වා දී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරන පරිදි පසුගිය සතියේ බ්‍රහස්පතින්දා පරිසර සංවිධානවල නියෝජිතයන්, පරිසර විද්‍යාඥයන් හා පරිසර මාධ්‍යවේදීන් පිරිසක් සමග අමාත්‍යවරයා පරිසර සංරක්ෂණය උදෙසා ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර ඇත.
එහිදී එම පිරිස ඇමතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ වඳ වි ගොස් ඇතැයි සැලකූ ගම්පහ මීරිගම පිහිටි පඬු කරඳ ශාඛය වැනි වඳ වි යාමේ තර්ජනයට ලක්ව ඇති තවත් ශාඛ විශේෂ 10කට ආසන්න ප්‍රමාණයක් මෙරටින් හඳුනාගෙන තිබෙන අතර, එම ශාඛ මෙන්ම වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටින සත්ව විශේෂ ආරක්ෂා කර ගැනීමට කඩිනමින් එම පාරිසරික සම්පත් කපා දැමීම හෝ විනාශ කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් පළ කරන ලෙසයි.