தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
වසර 10ට පසු සක්විතිට ඇප | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වසර 10ට පසු සක්විතිට ඇප



චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ ඇප මත මුදා හැරීමට ඊයේ කොළඹ මහාධිකරණය නියෝග කොට තිබුණි.

මහජනතාවගෙන් රුපියල් කෝටි 162 කට අධික මුදලක් වංචනිකව ලබාගෙන මුදල්සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම, මහා බැංකුවේ අනුමැතියකින් තොරව ව්‍යාජ මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යෑම සහ ව්‍යාජ ගෙවීම් ක‍්‍රම භාවිතා කිරීම යන චෝදනා යටතේ වෙන වෙනම නඩු තුනක් විභාගවන අතර ඔහු වසර 10ට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබුණි.

එම නඩු තුනටම නියම වු ඇප තැන්පත් කිරීම නිසා මෙලෙස ඔහු මුදා හරින ලදී.

සක්විති රණසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අදාළ අවස්ථාවලදී කරන ලද ඉල්ලීම් වලට අනුව ඔහුට ඇප නියම වී තිබු අතර විටින් විට ඔහු අදාළ ඇප කොන්දේසි සපුරා තිබිණි.