தமிழ்
English
Contact
Thursday 5th December 2019    
වසා දැමු 'සයිටම්' පිලිගන්න කියා වෛද්‍ය සභාවට නියෝග කරලා - දුමින්ද නාගමුව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වසා දැමු ‘සයිටම්’ පිලිගන්න කියා වෛද්‍ය සභාවට නියෝග කරලා – දුමින්ද නාගමුව



ප්‍රසිද්ධියේ වසා දමා ඇති සයිටම් ආයතනයට වලංගුභාවයක් ලබාදෙන්නට අධිකරණ තීන්දු පාදක වෙමින් තිබෙන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ දුමින්ද නාගමුව පවසයි.

ඔහු මේ බව පැවසුවේ සයිටම් ආයතනය පිළිබද නැවත කැදවා තිබුණු බහුජන සංවිධාන හා කලාකරුවන්ගේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එම අදහස පහත සටහන් කෙරේ.

“සයිටම් ආයතනයේ අවසන් වසරේ සිටි සිසුන් 82ට අදාළ නඩු තීන්දුවක් ලබා දී ඇත. අධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට කියලා තියෙන්නෙ ඔවුන් වෛද්‍යවරු ලෙස පිළිගන්නා ලෙසයි. වෛද්‍ය සභාව විසින් එසේ කිරීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙවැනි නියෝගයක් දී තිබෙනවා. ප්‍රශ්නය තියෙන්නෙ අධිකරණය මෙහෙම කියන්නෙ කවුරුන් ගැනද කියන එකයි. මේ නියෝග කරන්නෙ කුමන ආයතනය ගැනද කියලා අපි අහනවා. මේ වනවිට සයිටම් ආයතනය අහෝසි කරලා පාර්ලිමේන්තුවෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සයිටම් ආයතනයේ හිමිකරැ නෙවිල් ප්‍රනාන්දුත් සයිටම් ආයතනය අහෝසි කළ බවත් තවදුරටත් එවැනි ආයතනයක් නැති බවටත් පුවත්පත් දැන්වීම් පවා පළ කර තිබුණා. ඒ විතරක්ද? එංගනත් වෛද්‍ය සභාව කියනවා මෙවැනි ආයතනයක වෛද්‍ය උපාධිය පිළිගන්න බෑ කියලා. මේ සියල්ලම වෙලා තියෙද්දි එහෙම අහෝසි වුනු ආයතනයක හිටිය වෛද්‍ය උපාධිධාරින් කියන කට්ටියක් පිළිගන්න කියලයි මේ කියන්නෙ. අපි අහන්නෙ, මේ රටේ සාමාන්‍ය ජනතාවට බලපාන මෙවැනි කාරනා ගැන අධිකරණයට තීන්දු දෙන්න පුලුවන්ද කියන කාරණයයි.
මොකද මෙහෙම තින්දු දීලා ඒවට විරුද්ධව විරෝධතා පවත්වද්දි මහජන සාමය කඩ කළා කියලා කුදලාගෙන ගිහින් කූඩුවේ දානවා. මහජන සාමය කඩකිරීමේ පසුබිම හදන්නෙ කවුද? ඒක හදනවා විධායකය, නැත්නම් පාර්ලිමේන්තුව එහෙමත් නැත්නම් මේ විධියට අධිකරණය හරහා ඒ පසුබිම සකස් කරනවා.
මීට සතියකට කලින් ඇක්ට් 16 විභාගයට අදාළ තීන්දුවක් දුන්නා. විදේශයකදි ඉගෙන ගෙන වෛද්‍ය උපාධිය කරගෙන ආව කෙනෙකුට මෙරටදී වැක කිරීමට ගැලපුම් විභාගයක් ඇක්ට් 16 නමින් පවත්වනවා. මේ විභාගය ගැනත් සාකච්චා වෙන නිසා මේක සලාක ක්‍රමයට පාස්වෙන්නත් පුලුවන් බව කියන්න ඕන. අවම වශයෙන් එකවර පාස් වෙනවට වඩා කිහිප වරකදී සමත් වෙන්න පුලුවන්. ඒවා පැත්තක දැම්මත් ඒ කණඩායමෙන් 16 දෙනකුට දුන් තීන්දුව එකසිය විසි ගනනකට බලපානවා. ඒ 16 දෙනා සාමාන්‍ය පෙළ සමත් නෑ. සාමාන්‍ය පෙළ අසමත් අය වෛද්‍යවරු ලෙස ලියාපදිංචි කරන්න බෑ කියලා ශ්‍රි ලංකා වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කරද්දි අධිකරණය තියනවා ඒක කරන්න කියලා. අපි අහන්නෙ මෙවැනි දෙයක් කියන්න බලය කොහොමද ආවෙ? පැහැදිලි ලෙසම අපි මේ නඩු තීන්දුව විවේචනය කරනවා සහ ඒක හෙළා දකිනවා. අපි ප්‍රශ්ණ කරන්නෙ කොහොමද මේ තීන්දුව ගන්න අධිකරණයට බලයක් ආවෙ කියලා.
ශ්‍රි ලංකා වෛද්‍ය සභාව කිසිම අවස්ථාක පිළි නොගත් ආයතනයක උපාධිය පිළිගන්න කියලා කිව්වොත් ඒක කාටත් කරන්න පුලුවන් වෙනවා. ඕන කෙනෙකුට වෛද්‍ය විද්‍යාලයක් කියලා ආයතනයක් ආරම්භ කරන්න පුලුවන්. සහතිකයක් ලබා දීලා වෛද්‍යවරයෙක් ලෙස නම් කරන්න. අපි අහන්නෙ මේ ක්‍රමය හරිද කියලා. රියදුරෙක් වෙන්න රියදුරු පරික්ෂණයෙන් අසමත් කෙනෙකුට අලුත් කඩේ යන්න වෙනවා. ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් නොකළ කෙනෙකුට අලුත් කඩේ උසාවියට යන්න පුලුවන්. මේ ක්‍රිකට් ආයතනය දූසිත නිසා මාව ක්‍රිකට් කණ්ඩායමට දාන්නෙ නෑ කියලා නඩුවක් පවරන්න පුලුවන්. එතකොට අපි අහන්නෙ මේ තීන්දුවම දෙනවද? අපි මේ කාරණය දැඩිව ප්‍රශ්න කරනවා. මේ රටේ නීතිය හා අධිකරණය සම්බන්ධව මාක්ස්වාදින් හැටියට අපට අදහසක් තිබෙනවා. සාමාන්‍යයෙන් වෙන්නෙ පළවෙනි හොරකම අතහැරලා දෙවැනි හෙරාකම අල්ලන එක. පළවෙනි එක තමයි හොර උපාධි ආයතනයක් පිහිටුවීම. දෙවැනි එක ්ක සාධාරණිකකරණය කිරීමයි.
දැන් මේ නිවේදනය අනුව ශ්‍රි ලංකා වෛද්‍ය සභාව කියලා ස්වාධීන ආයතතනයක් තිබෙනවා නම් ඒ ආයතනය පොල් කුඩු ගාණට වැටෙනවා. මේ රටට වෛද්‍ය සභාවකුත් වැඩක් නෑ මෙහෙම වෙනවා නම්. අපි මේ රටේ වෛද්‍යවරුන්ගෙන්, රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ඇතුළු ආයතනවලින් අහනවා මේ කාරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරන්න වෛද්‍ය වෘත්තියේ ගුණාත්මක ආයතනය වශයෙන් එහි ක්‍රියාකාරිත්වය ආරක්ෂා කරන්න වගකීමක් ඔබට තිබෙනවා.”