தமிழ்
English
Contact
Monday 10th December 2018    
වහාම රනිල්ගේ වත්කම් තොරතුරු හෙළිකරන්න - ජනාධිපති ලේකම්ට නියෝග! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වහාම රනිල්ගේ වත්කම් තොරතුරු හෙළිකරන්න – ජනාධිපති ලේකම්ට නියෝග!



රනිල් වික‍්‍රමසිංහ අගමැති ලෙස කටයුතු කළ කාලය තුළ රජයට ලබා දුන් වත්කම් බැරකම් ප‍්‍රකාශනය ‘ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා‘ ආයතනයට නිකුත් කරන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා වූ කොමිෂන් සභාව ඊයේ (5) ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දී ඇත.

අගමැතිවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම දෙවතාවක් ප‍්‍රතික්ෂේප කෙරුණු බැවින් දෙවතාවක් අභියාචනා ඉදිරිපත් කිරීමෙන් පසු මේ අවස්ථාවේ එම වත්කම් බැරකම් තොරතුරු ලබා දෙන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිසම මගින් නියෝග කර ඇත.  ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා වූ පනත සම්මත වීමත් සමඟ 2017 පෙබරවාරි 3 වැනිදා, තම සංවිධානය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප‍්‍රකාශිත වත්කම් බැරකම් ඉල්ලා අයදුම්පත් ඉදිරිපත් කළ බවය. ඒ අනුව, මාස 9කට පසුව එම තොරතුරු ලබාදීමට කොමිසම එකග වී ඇත.

ට‍්‍රාන්ස් පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනාධිපතිගේ සහ අගමැතිගේ වත්කම් ප‍්‍රකාශන ලබා ගැනීම තුළින් එය ප‍්‍රසිද්ධියට පත් කිරීමට හැකියාව ඇති බවත් මෙම තොරතුරු පෞද්ගලික තොරතුරු නිසා ඒවා නිකුත් කළ නොහැකි බවද කලින් දන්වා තිබිණි. කෙසේවුවද තුන්වන පාර්ශවයන්ට අදාල තොරතුරු ඉවත්කර එම වත්කම් ප‍්‍රකාශන නිකුත් කළ හැකි බව කොමිසම සඳහන් කළේ යැයි ද ට‍්‍රාන්ස්පේරන්සි විධායක අධ්‍යක්ෂවරයා ජනමාධ්‍ය වෙත කීය.

කෙසේවෙතත්, තොරතුරු දැනගැනීමේ කොමිසමේ නියෝගය සම්බන්ධව අභියාචනාධිකරණයට යාමට හැකියාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇත.