தமிழ்
English
Contact
Saturday 23rd March 2019    
ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය අවසන්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය අවසන්!



ඊයේ (21) දිනයෙන් ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය අවසන් ව තිබෙන බව වාර්තා වේ.

කෙසේවෙතත් ව්‍යවස්ථාදායක සභාවේ නිල බලයෙන් සාමාජිකයන් බවට පත් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය  සහ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ලගේ නිල කාලය අවසන් නොවන අතර මෑතකදී එම සභාවට පත් කෙරුණූ මහින්ද සමරසිංහගේ ද නිළ කාලය අවසන් වීමක් සිදු නොවේ. එහෙත්, ව්‍යවස්ථාදායක සභාවේ අනෙකුත් සාමාජිකයන් වන  තිලක් මාරපන, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ නිල කාලය පමණක් අවසන් වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග හෙළිකරයි.

නිළ කාලය අවසන් වූ ව්‍යවස්ථාදායක සභාව සඳහා නව සිවිල් සමාජ ක්‍රියාකාරීන් පත් කිරීම සමිබන්ධයෙන් කථානායකවරයා හා පාර්ලිමේන්තු මහලේකම්වරයා සාකච්ඡාවකට සහභාගි වී සිටි බව වාර්තා වේ.