தமிழ்
English
Contact
Friday 29th May 2020    
ව්‍යවස්ථාවට පටහැනිව සොල්දාදුවන් සිවිල් කාර්යයන්ට යොදන ගැසට් නිවේදන දිගටම! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ව්‍යවස්ථාවට පටහැනිව සොල්දාදුවන් සිවිල් කාර්යයන්ට යොදන ගැසට් නිවේදන දිගටම!



ආරක්ෂක හමුදා සිවිල් කාර්යයන්ට යෙදවීමේ නියෝග සම්බන්ධව දිගින් දිගටම විරෝධතා මතුව ඇතත් ආණ්ඩුව විසින් ආරක්ෂක හමුදා යෙදවීමේ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.
මෙසේ සන්නද්ධ හමුදා භටයන් සිවිල් කාර්යයන්ට යෙදවීමේ නියෝගයක් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලැබුණද ඒම ගැසට් නිවේදනය වලංගුවන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව බව ව්‍යවස්ථාවේ සඳහන්ය. ඒසේ වුවද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය බලය අනිසි ලෙස යොදවමින් මෙම ගැසට් පත්‍රය ප්‍රාශයට පත්කරන බවට විවේචන ඒල්ල විය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින්ද මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීම සිදුකළ අතර ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත් නමුත් .ගෝඨාභය ජනාධිපතිවරයා සිය ගැසට් නියෝගය කිසිදාක පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගන්නට කටයුතුකර නැත.
මේ ආකාරයට සන්නද්ධ භටයන් සිවිල් කාර්යයන්ට යෙදවීමේ යෙදවීමේ නරකම පාඩමක් ලෙස, වැලිසර නාවික භටයන් ආසාදනයට ගොදුරු කරවීමෙන් පසුවද මෙවැනි නිවේදනයක් නැවත සළකා බැලීමට ආණ්ඩුව හෝ ගැසට් නිවේදනය නිකුත්කරන ජනාධිපතිවරයා කටයුතුකර නැත.