தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
ව්‍යසනය මැද ජනාධිපති ජාතිය ඇමතීමට සූදානමින් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ව්‍යසනය මැද ජනාධිපති ජාතිය ඇමතීමට සූදානමින්



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8 ජාතිය ඇමතීමට සුදානම් ‍බව වාර්තා වෙයි.

රට තුළ උද්ගතව ඇති වර්තමාන තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ඇති බව වාර්තා වේ.

කොරෝනා වසංගතය රට තුළ පැතිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වෙමින් තිබේ. පළමු රෝගියා සුව වීම සම්බන්ධයෙන් සංදර්ශන පැවැත්වූවා මිස තවදුරටත් රෝගය පැතිරීම වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර නොගත් බවට එම චෝදනාවල මූලික පදනම බවට පත්ව තිබේ. ආණ්ඩුව අවම වශයෙන් ඒ මොහොතේ සිට වෙනත් රටවල සිට පැමිණෙන්නන් නිරෝධායන කිරීමේ වැඩපිළිවෙලක් හෝ ඇරඹුවේ නම් රට තුළට මෙම වයිරසය මෙතරම් දුරට පැතිරීමට ඉඩ නොතිබූ බව චෝදනා එල්ල කරන පිරිසේ අදහස වී තිබේ.