தமிழ்
English
Contact
Friday 14th May 2021    
ව්‍යාපාරිකයාගේ පුත්‍රයා ඩර්ඩන්ස් 10 වැනි මහලෙන් පැන දිවි නසාගෙන! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ව්‍යාපාරිකයාගේ පුත්‍රයා ඩර්ඩන්ස් 10 වැනි මහලෙන් පැන දිවි නසාගෙන!



ප්‍රකට ව්‍යාපාරික ගාමිණි නෙත්තිකුමාරගේ 30 හැවිරිදි පුත්‍රයා කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලේ 10 වැනි මහලෙන් පැන සිය දිවි නසාගෙන ඇති බව පොලිස් ආරංචිමාර්ග අනාවරණය කරයි.

මෙම තරුණයා නින්ද නොයාමේ තත්වයක් සම්බන්ධ ප්‍රතිකාර ගැනීමට 24 වැනිදා රෝහල්ගතව ඇත. ඔහු සමග පැමිණි තැනැත්තියකට රෝග තත්වය සම්බන්ධ පැහැදිලි කරන අතර, රෝගි තරුණයා වැසිකිලියට ගොස් ඇත‍. පසුව අනාවරණය වී ඇත්තේ තරුණයා මහල් 10ක් ඉහළ වූ වැසිකිලියේ කවුලුවකින් පැන ඇති බවය.

මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත්තේ 25 වැනිදා අලුයම 1.45ට පමණ බව අපගේ මූලාශ්‍ර අනාවරණය කරයි.

දීර්ඝ කාලයක් පවුලේ ගැටලු හේතුවෙන් මෙම තරුණයා පීඩාවකින් පෙළුන බව ඔහුට සමීප ආරංචි මාර්ග අනාවරණය කරයි. මේ වනවිට සමාජයක් වශයෙන් අප හමුවේ ඇති අර්බුදයක් ලෙස පවුල් සංස්ථාවේ ආතතීන් පවුලේ සාමාජිකයන්ට විසඳාගැනීමට නොහැකිවීම නිසා ඔවුන්ටම ඇතිවන මානසික ගැටලුය. විශේෂයෙන් දරුවන්ට මේ තත්වයන් හමුවේ ඉතිරිවන්නේ අධ්‍යාපනය කඩාකප්පල්වීම, මානසික ආතතීන් හට ගැනීම හා ඔවුන්ගේ පීඩාව වටහා නොගන්නා පරිසරයක් තුළ ජීවිතයෙන් පළා යාමටය.

ධනවාදයේ නව ලිබරල් අවධිය තුළ සමස්ත සමාජයම පූර්ණ වෙනසකින් තොරව ගැලවීමේ මාර්ගයක් නොමැති බව වාම දේශපාලනයේ නිගමනයන් පැන නගින්නේ මෙම විපරීත තත්වයන් හේතුවෙනි. නව ලිබරල්වාදී අධිරාජ්‍යවාදය ලොව පුරා ව්‍යාප්තකරන සමාජ දේශපාලන අර්බුදයන් පෙරලා හානි ගෙන දෙන්නේ පන්ති හෝ වෙනත් භේදයකින් තොරව බවද සමාජවාචයේ ගැලවීම යෝජනා කරන්නේ සමස්ත සමාජ විමුක්තිය වෙනුවෙන් බවද වාමාංශික මත දක්වන්නෝ පෙන්වා දෙති.