தமிழ்
English
Contact
Monday 8th March 2021    
වාණිජ කටයුත්තක් පමණයි - උතුරේ දූපත් තුනක ක්‍රියාත්මක විදුලි ව්‍යාපෘති ගැන චීනය ප්‍රතිචාර දක්වයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වාණිජ කටයුත්තක් පමණයි – උතුරේ දූපත් තුනක ක්‍රියාත්මක විදුලි ව්‍යාපෘති ගැන චීනය ප්‍රතිචාර දක්වයි



උතුරේ දූපත් කිහිපයක ක්‍රියාත්මක විදුලි ව්‍යාපෘතිවලට සම්බන්ධ චීන සමාගමක් පිළිබඳව ඉන්දියාව විසින් මතු කරන ලද විරෝධයට ප්‍රතිචාර දක්වමින් චීන තානාපති කාර්යාලය පවසා ඇත්තේ තනිකරම විවෘත ටෙන්ඩර් පටිපාටියක් හරහා සිදු කරන ලද වාණිජ කටයුත්තක් බවයි.

උතුරේ දූපත් තුනක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකාව ආණ්ඩුව චීන සමාගමකට ප්‍රදානය කර තිබේ. මේ හරහා ඉන්දියාවට ආරක්ෂක තර්ජනයක් එල්ල වී ඇති බව පවසමින් ඉන්දියාව මේ සම්බන්ධයෙන් විරෝධය පළ කළ බවට මීට පෙර මාධ්‍ය වාර්තා පළ විය.

චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ ඊයේ අදාළ චීන සමාගම පෞද්ගලික සමාගමක් බවයි.

ඔහු පවසා ඇත්තේ එය ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් අරමුදල් සපයන ලද විවෘත ටෙන්ඩරයක් බවයි. ශ්‍රී ලංකාව යනු ස්වෛරී රාජ්‍යයක් වන අතර එහි අවශ්‍යතාව සඳහා වඩාත් සුදුසු කොන්ත්‍රාත්කරු තෝරා ගැනීමේ අයිතිය ඇති බවද චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයා පවසා තිබේ.