தமிழ்
English
Contact
Tuesday 27th October 2020    
වාසිදායක තත්වයන් නොතකා පොදුජන පෙරමුණ මහමැතිවරණයේදී පසුබසී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වාසිදායක තත්වයන් නොතකා පොදුජන පෙරමුණ මහමැතිවරණයේදී පසුබසී!



පොදුජන පෙරමුණ විසින් මාස 7කට පෙර ජනාධිපතිවරණයේදී හිමිකරගත් ලක්ෂ ඡන්ද සංඛ්‍යාව මෙවර මහමැතිවරණයේදී පහතවැටීම සම්බන්ධයෙන් දේශපාලන අංශවල අවධානය යොමුව ඇත.
අගොස්තු 5 මහමැතිවරණයේදී පොදුජන පෙරමුණ හිමිකරගත්තේ ඡන්ද 6853690ක් හිමිකරගෙන ඇත. ඒය පසුගිය ජනාධිපතිවරණයේදී ඒම පක්ෂයේ අපේක්ෂක වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාගත් 6924255 සමග සැලකූ විට ඡන්ද 70 දහසකට වැඩි ප්‍රමාණයක අඩුවීමකි.
ජනාධිපතිවරණයකදී ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිරූපය ඔසවමින් ඡන්ද ලක්ෂ 69ක් හිමිකරගත් අතර මහමැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මාර්තු මාසයේ සිට අගෝස්තු මස 3 වැනිදා දක්වාම පවත්වාගෙන යමින් අපේක්ෂකයන් සිය ගණනකගේ ප්‍රතිරූපය ප්‍රාදේශීයවද ප්‍රවර්ධනය කරන ලදී. ඊට අමතරව විවිධ මැතිවරණ අල්ලස් ගණනාවක් ජනතාව වෙත හිමිවූ බව දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහසයි.
විශේෂයෙන්ම මැති ඇමතිවරුන්ව සිටි පොදුජන පෙරමුණ අපේක්ෂකයන් හා ව්‍යාපාරිකයන් විසින් සිය ආධාරකරුවන් හරහා සාද උත්සව සංවිධානය කරමින් මත්පැන්, ආහාර, ඇඳුම් ආදිය පිරිනැමූ අතර මැතිවරණ පැමිනිලි ලෙස ඒ්වා අවධානයට ලක්වූයේ නැති තරම්ය. පොදුජන එපෙරමුණ මැතිවරණයේදී රාජ්‍ය මාධ්‍ය සිය ප්‍රචාරක කටයුතුවලට රිසිසේ භාවිත කරන ලද නමුත් පෞද්ගලික මාධ්‍ය විසින්ද විශේෂ අනුග්‍රහයක් ලබා දෙන ලදී. ජනාධිපති ගෝඨාභය පෞද්ගලිකවම පොදුජන පෙරමුණු අපේක්ෂකයන් ප්‍රවර්ධනය පිණිස රාජ්‍ය වියදමින් මැතිවරණ ප්‍රචාරක රැලිවලට රටවටා සංචාරය කළේය.
මේ සියලල මැද අවසානයේ පොදුජන පෙරමුණ මාස 7ක් තුළ හිමිකරගෙන ඇත්තේ ඡන්ද සංඛ්‍යාවෙන් අඩු ප්‍රතිඵලයකි.
කොරොනා වසංගතය හමුවේ රු. 5000ක සහනාධාරයක් ලබාදීම පවා ප්‍රායෝගික වශයෙන් පොදුජන පෙරමුණට වාසිදායක මැතිවරණ ක්‍රියාවක් බවට පත්ව ඇත.