தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
වාසි නිසා ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉදිරිපත් වෙන අය ඉන්නවා - පැෆ්රල් සංවිධානය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වාසි නිසා ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉදිරිපත් වෙන අය ඉන්නවා – පැෆ්රල් සංවිධානය



අපේක්ෂකයින් වෙනත් වාසි බලාපොරොත්තුවෙන් මෙලෙස ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

ජනාධිපති අපේක්ෂකත්වය ලැබු සැනින් නිදහස් මාධ්‍ය කාලයක් එක සමානව රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ලැබෙන බව සහ නිදහස් තැපැල් සේවයද ලැබෙන බව ඔහු ප්‍රකාශ කර ඇත .

මෙම වරප්‍රසාද ඇතැම් අපේක්ෂකත්වය ගත් පිරිස තවත් අපේක්ෂකයෙකු වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්නා බවද ඔහු පෙන්වා දෙයි.

මෙම ක්‍රියා නිසා රටට විශාල ආර්ථිකමය අවාසියක් වන බවත් මහජන මුදල් අවභාවිතා වන බවත් පැෆ්රල් සංවිධානය පවසයි.

මීට අමතරව විශේෂ ප්‍රභූ වරප්‍රසාද ද ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට හිමිවේ. ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාර ගැනීම ඊයේ (07) සිදු කෙරුණු අතර අපේක්ෂයන් 35 දෙනෙකු එළඹෙන ජනපතිවරණයට ඉදිරිපත්ව සිටියි.