தமிழ்
English
Contact
Monday 26th October 2020    
වාසුගෙ සිහිනය බිඳ වැටේ - කරු දිගටම කථානායක! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වාසුගෙ සිහිනය බිඳ වැටේ – කරු දිගටම කථානායක!



මහමැතිවරණය දක්වා කරූ ජයසූරිය ඉදිරියටත්  කතානායක ධුරයේම තබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් තීරණය කර ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව, කතානායක ධුරයේ තවදුරටත් කටයුතු කරන ලෙස ආණ්ඩුවේ නායකයන් දෙදෙනකු කරූ ජයසූරිය කතානායකවරයාට දැනුම් දී ඇත. මේ අනුව මහ මැතිවරණය පැවැත්වෙන තෙක් පිහිට වූ ආණ්ඩුව මාස තුනක පමණ කාලයක් පවතින අතර එම කාලය තුළ කතානායකවරයා වෙනස් නොවනු ඇත. පාර්ලිමේන්තුවේ මෙන්ම ව්‍යවස්ථාදායක සභාව සහ පාර්ලිමේන්තු කමිටු ආදියෙහි බලධරයා වන්නේද කතානායකවරයාය.

වර්තමාන කතානායකවරයා ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් ඒ සඳහා වෙනත් මන්ත්‍රීවරයකු පත්කිරීම පාර්ලිමේන්තුවේ රහස් ඡන්ද විමසීමකින් සිදුවිය යුතුය. එසේම වර්තමාන පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ සතුය.