Posted on 01.11.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ. ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇත.
දැනට 82 හැවිරිදි වියේ පසුවන ඔහු පාර්ලිමේන්තුවේ වයස්ගතම ඇමතිවරයෙක්ද වෙයි.
ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය විය.
ජනවාරි 8 වන දින බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ද කොවිඩ් ආසාදිත බවට තහවුරු විය.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේගේ සමීප ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරු 21 දෙනෙකු පමණ හඳුනාගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර ඇත්තේ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සහ කුමාරසිරි හෙට්ටිගේ පාර්ලිමේන්තුවට පැමිණ ආපසු යන තෙක් වූ CCTV දර්ශන මඟින් එම ආශ්රිත මන්ත්‍රීවරු හඳුනාගෙන ඇති බවය.