தமிழ்
English
Contact
Thursday 29th October 2020    
වාහන බදු සහන ලබාදීමේදී නවක මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛතාවය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වාහන බදු සහන ලබාදීමේදී නවක මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛතාවය



පාර්ලිමේන්තුවට අලුතින් තේරීපත්වුණු මන්ත්‍රීවරුන් හැත්තෑ නව දෙනාට තීරුබදු රහිත වාහන බලපත්‍රය මුලින්ම ලබාදීමට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ තීරණය කර ඇතැයි වාර්තා වේ.

සෙසු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍රය ඉන් පසුව නිකුත් කෙරෙනු ඇත. මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කර ඇත්තේ තීරුබදු රහිත වාහන බලපත්‍රය නිකුත් කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ වැටුප් වාර්තා හා අනෙකුත් තොරතුරු මේ දිනවල එක්රැස් කරගෙන යන බවයි.

පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනාටම මේ තීරුබදු රහිත වාහන බලපත්‍රය හිමිවෙයි. මන්ත්‍රීවරයෙකුට හිමිවන තීරුබදු රහිත වාහන බලපත්‍රයක වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්නය.

මෝටර් රථ ආනයනය අත්හිටුවා තිබෙන හෙයින් දැනට මෙරටට ගෙන්වා ඇති වාහනවලින් මන්ත්‍රීවරුන්ට තමන් අභිමත වාහන මිලදී ගැනීමට හැකිවනු ඇත. මෝටර් රථ ආනයන තහනම ඉවත් කළ පසුවද වාහන ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබෙන බව පැවසේ.

මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්‍ඩලයට ළඟදීම ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.