தமிழ்
English
Contact
Wednesday 19th September 2018    
වැටුප් කොමිසමට ඉදිරිපත් වූ යෝජනා බහුතරය විශ්‍රාම වැටුප් ගැනලු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වැටුප් කොමිසමට ඉදිරිපත් වූ යෝජනා බහුතරය විශ්‍රාම වැටුප් ගැනලු



මාස 2ක් තුළ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුව විසින් පත් කළ වැටුප් කොමිසම වෙත යෝජනා හැත්තෑ ගණනක් ලැබී ඇති බවද එයිනුත් වැඩි ප්‍රමාණය විශ්‍රාම ැටුප් සම්බන්ධයෙන් බවද අනාවරණය වී ඇත.

පසුගිය අගෝස්තු මාසයේ වැටුප් අරගල ගනනාවක් පෙළ ගැසුණු අවස්ථාවේ ආණ්ඩුව එම සේවක ඉල්ලීම් මගහැර ගියේ වැටුප් සංශෝධනය පිළිබද යෝජනා ඉදිරිපත් කරන්නට නොමිසමක් නම් කිරීමෙනි. මාස දෙකක් තුළ වැටුප් සම්බන්ධ යෝජනා සළකා බලා ආණ්ඩුවට නිර්දේශ ඉදිරිපත් කරන්නට මෙම කොමිසමට වගකීමක් පැවරී ඇත. ඒ අනුව කැදවන ලද යෝජනා අතර සේවක මට්ටමෙන් සහ වෘත්තිය සමිති මට්ටමෙන් යෝජනා හැත්තෑ ගණනක් වූ බවද ඒ සම්බන්ධයෙන් කටයුතු අද ආරම්භ වන බවද වැටුප් කොමිසමේ සභාපති එස්.රනුක්ගේ පවසයි.




Related News