தமிழ்
English
Contact
Wednesday 17th August 2022    
වැටුප් වැඩි නොකළොත් වර්ජනයකට යනවා! රාජ්‍ය සේවා වෘත්තිය සමිති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වැටුප් වැඩි නොකළොත් වර්ජනයකට යනවා! රාජ්‍ය සේවා වෘත්තිය සමිති



(TopNews) මේ වනවිට මුහුණ දෙමින් තිබෙන ආර්ථික දුෂ්කරතා නිසා රාජ්‍ය සේවයට 2022 තුළින් වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබාදීමට අපොහොසත් වුවහොත් ‘පෙර දැනුම්දීමකින්’ තොරව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවට රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති සන්ධානය ආණ්ඩුවට අවධාරනයකර තිබේ.

දැනට ප්‍රකාශයට පත්කර ඇති 2022 අයවැය යෝජනා මගින් රාජ්‍ය අංශයේ සේවකයන්ට සහන ලබා නොදීම ගැන අප්‍රසාදය පළ කරමින්, ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංගමය (SLGOTUA) මේ සතියේ ජනාධිපති, අගමැති සහ මුදල් අමාත්‍යවරයා වෙත ලිපි යවමින් මෙසේ අනතුරු අඟවා ඇත.

රාජ්‍ය සේවය තුළ සිදු කරන ලද සමීක්ෂණයට අනුව සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට නඩත්තු වීමට මසකට රුපියල් 58,000ක් අවශ්‍ය බව ප්‍රකාශ වී ඇත. මෙම තත්වය හමුවේ රජය අවම වශයෙන් රුපියල් 18,000 ක වැටුප් වැඩිවීමක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවSLGOTUA ලේකම් ගාමිණී හෙට්ටිආරච්චි පවසයි.

SLGOTUA කියා සිටින්නේ මිලියන 1.4ක සමස්ත ශ්‍රම බලකායෙන් මිලියන 1.2ක් පමණ වන රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති 37ක් පමණ දැනටමත් මෙම ඉල්ලීමට සම්බන්ධ වී ඇති බවයි.

“අපගේ වෘත්තීය ක්‍රියාමාර්ග ගැන අපි තවම තීරණය කර නැහැ. නමුත් ජීවන වියදම දරාගත නොහැකි තත්ත්වයකට පත්ව තියෙද්දි ආණ්ඩුව මේ ඉල්ලීම ඉටු නොකළහොත් අපි අනිවාර්යයෙන්ම ක්‍රියාමාර්ගයක් ගන්නවා” SLGOTUA ලේකම් ගාමිණී හෙට්ටිආරච්චි මාධ්‍ය වෙත ප්‍රතාශයක් කරමින් පැවසීය.

කෙසේවෙතත්, මෙරට රාජ්‍ය සේවය “රටට බරක්” බවට පත්ව ඇති බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු සිය බලවත් අප්‍රසාදය පළ කළේය.