Posted on 05.11.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වෘත්තිය සමිති ව්‍යාපාරය ගෝඨාගෝගම”ට පාගමනින් ගොස් පොරොන්දු වූ වැඩවර්ජන ක්‍රියාදාමය එක් දිනක් තුළ අහෝසි කිරීමට ප්‍රමාණවත් හේතුවක් නැති බව ඒකාබද්ධ ගුරු සේවා සංගමය පවසයි.
ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම් සංජීව බණ්ඩාර ප්‍රකාශයක් කරමින් පවසන්නේ දින දෙකකට පෙරාතුව වෘත්තිය සමිති ව්‍යාපාරය විසින් සාමුහික තීරණයක් ලෙස මේ රටේ දේශපාලන අර්බුදය අවසන් කර ජනතා ජයග්‍රහණ අහිමිකර ගැනීමේ අරමුණින් ප්‍රකාශයට පත් කළ සමස්ත මහා වැඩ වර්ජනය සාර්ථක කරගැනීමට තවදුරටත් කටයුතු කරන බවය.
‘ගෝඨාගෝගම’ පහරදීම සම්බන්ධ වැඩකරන ජනයාගේ විරෝධය සටහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත්වන තුරු වැඩවර්ජනය ක්‍රියාවට නගන බව එහිදී ප්‍රධාන වෘත්තිය සමිති නායකයන් ශපථ කරන ලදී.
අද(11)වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (TUCC) විසින් ඒකපාර්ශ්විකව තීරණයක් ගෙන වැඩවර්ජනය අවසන් කරන බවට කළ ප්‍රසිද්ධ ප්‍රකාශය සම්බන්ධ අදහස් දක්වමින් ඔහු පැවසුවේ හෙට දිනයේ වෘත්තිය සමිති සියල්ල සමග සාකච්ඡා කර වැඩ වර්ජනය ඉදිරියට ගෙන යාම සම්බන්ධ තීරණයක් වෙත යාමට අදහස් කරන බවය. ගුරු විදුහල්පති වෘත්තිය සමිති විසින් තීරණය කළ වැඩවර්ජනය ඉදිරියට ගෙනයාමේ තීරණය අවලංගු කර නැති බවද රජයේ සෙසු වෘත්තිය සමිති මෙන්ම පෞද්ගලික අංශයේ වෘත්තිය සමිතිද මේ ආණ්ඩුවෙ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික මර්දනකාරි ජනපීඩක පාලනය පරාජය කිරීමට වෘත්තිය අරගලය හා එක්වනු ඇතැයි අපේකෂා කරන බවද සංජීව බණ්ඩාර පැවසීය.
අද දින වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (TUCC )ජනමාධ්‍ය හමුවක් කැඳවා තිබුනු අතර එහිදී ප්‍රකාශ වූයේ ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීම වෙනුවෙන් ගත් වැඩවර්ජන තීරණය නිසා ජනතාවට සිදුවන අපහසුතා ගැන කල්පනා කරමින් වර්ජනය අවසන් කරන බවය.
කෙසේවෙතත්, ‘වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකතුව’ (ATUMO) ලෙස වෙනම කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගෙන යන මර්දනකාරී තත්වය තුළ ඔහු පළවා හැරීමේ අරගලය තවදුරටත් ශක්තිමත් කළ යුතු බැවින් වැඩවර්ජනය ඉදිරියට ගෙනයාම මිස අත්හැරීමට තමන් එකඟ නොවන බවය.
පසුගිය දා ගෝඨාගෝගම විරෝධතා භූමියේදී වැඩවර්ජනය ප්‍රකාශයට පත් කරමින් කළ අදහස් රැගත් වීඩියෝවක් පහත අමුනමු.