Posted on 04.03.2022 by Chandana Sirimalwatte in කලා with 0 Comments
2019 නොවැම්බර් පැවති ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂගේ වැඩසටහන් වෙනුවෙන් “වැඩ කරන අපේ විරුවා” තේමා ගීතය නිර්මාණය කළ සංගීත අධ්‍යක්ෂක පසන් ලියනගේ ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.
මෙම ගීතය ප්‍රචාරය කරමින් ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ ප්‍රවර්ධන කටයුතු කිරීමට සහායවීම සම්බන්ධ ඔහු සිය පශ්චාත්තාපය සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇත.
ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ
තමන් කිසිදු දේශපාලන පක්ෂයකට සහය නොදෙන බවත්, ගීතයක් නිසා අපහසුතාවයට පත් වුනා නම් සමාවන ලෙසත්ය. බලයේ ඉන්න පමණක් ජනතාවගේ ඡන්දය ඉල්ලා සිටින කිසිදු පක්ෂයකට සහාය නොදිය යුතු බවත් ඔහුගේ සටහනේ දක්වා තිබිණි.
ඔහු වැනි කලා ශිල්පින් මෙන්ම විද්වතුන් රැසක් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමට සිය කීර්තිය පාවාදුන් අතර මේ වන විට ඔවුන් කිසිවක් කිව නොහැකි ලෙස නිහඬව සිටින බවක් පෙනී යයි.
කලාකරුවන් වේවා, විවිධ හැකියාවන් ඇතිවුන් සමාජ වගකීම වෙනුවට සිය පුද්ගලික මතිමතාන්තර වෙනුවෙන් කටයුතු කරමින් දුරදිග නොබලා කටයුතු කිරීම නිසා අවසානයේ ඔවුන්ට පමණක් නොව, සමස්ත සමාජයට ව්‍යසනකාරි බව මෙම අත්දැකීමෙන් වටහා ගත හැකිව තිබේ.
පුද්ගල වන්දනාව වෙනුවට ජන සමාජයක් සතු සාමුහික අරමුණු වෙනුවෙන් සෑම සාමාජිකයකුටම වගකීමක් ඇති බවද දේශපාලනය කිරීම ලෙස විය යුත්තේ එකී වගකීම වෙනුවෙන් වැඩ කිරීම බවද තහවුරු කළ යුතු මතයකි.
