தமிழ்
English
Contact
Wednesday 17th July 2019    
වැඩ තියෙනවා, අස්වෙන්න එපා - රනිල් මැකෝගෙන් ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වැඩ තියෙනවා, අස්වෙන්න එපා – රනිල් මැකෝගෙන් ඉල්ලයි



ඉදිරියේ දී මැතිවරණ කීපයක් පැවැත්වීමට නියමිතව ඇති හෙයින් ඉල්ලා අස් නොවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් ඊයේ(9) ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර හමුවක දී මෙම ඉල්ලීම කර ඇත.

මැතිවරණ නොපවත්වන්නේනම් තමන් ඉල්ලා අස් වන බව මහින්ද දේශප්‍රිය මීට පෙර ප්‍රකාශ කර තිබිණි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ සේවය ඉදිරි මැතිවරණ සඳහා අත්‍යවශ්‍යයයැයි ද ඒ නිසා ඉල්ලා අස්වීමට සුදානම් නොවන්නැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා ඇත. ඉදිරි මැතිවරණ සඳහා සුදානම් වන්නැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.