Posted on 01.06.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) වැලිකඩ බන්ධනාගාරරයේදී සිරකරුවන් 23 දෙනකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධ තීන්දුව ලියා අවසන් බවත් එය තුළ වැරදි නිවැරදි කර ප්‍රකාශයට පත් කිරීම ජනවාරි 12 සිදුවන බවත් ත්‍රිපුද්ගල මහාධිකරණය අද(6) ප්‍රකාශකර ඇත.
වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුම්කාරී තත්වය තුළ එහි රැඳවියන් පිරිසක් ඝාතනය කළ බවට චෝදනා ලබැ සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවශයෙන් කටයුතු කළ එමිල් රන්ජන්ට එරෙහි චෝදනා විභාගයට ගැණුනි. ඒ පිළිබඳ නඩු තීන්දුව ප්‍රකාශයට කිරීම ලබන 12 වැනි දා දක්වා කල් තැබීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු අද නියම කළේය.
එම නඩුවේ තීන්දුව ලියා අවසන් වුවත් එහි මුද්‍රණ දෝෂ සැකසීමට කාලයක් අවශ්‍ය හෙයින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල්තැබීමට සිදුව ඇතැයි විනිසුරුවරු පෙන්වා දුන්හ.
මහාධිකරණ විනිසුරුවරුන්වන ගිහාන් කුලතුංග, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.