தமிழ்
English
Contact
Tuesday 17th September 2019    
විග්නේශ්වරන්ගෙන් ගෝඨාට ප්‍රහාරයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විග්නේශ්වරන්ගෙන් ගෝඨාට ප්‍රහාරයක්!



සිංහල ජාතික අනන්‍යතාව යටතේ තරගයට පැමිණි පොහොට්ටුව ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට දේශපාලන ප්‍රහාරයක් එල්ල කිරීමට දෙමළ ජනතාව අතර පවතින ජාතිවාදය භාවිත කිරීමට උතුරු පළාත් හටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් කටයුතු කර තිබේ.

හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අද යාපනයේ පිහිටි නිවසේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධව අදහස් පළකරමින් පවසා ඇත්තේ සැබෑ දමිළ ජාතිකයකු නම් ඔහුට ඡන්දය ලබා නොදෙන බවෙකි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සී.වී.විග්නේශ්වරන් මහතා මෙසේ කීය.

‘’සැබවින්ම දෙමළ ජාතිකයකු නම් කිසිදිනක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබාදෙන්නේ නැහැ. මේ වන විටත් ඔහුට නඩු දෙක තුනක් තියනවා. ගෝඨාභය මෙරට සිංහල බෞද්ධ රටක් ලෙස සිතන කෙනෙක් එය තහවුරු කරන්න ඔහු ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක් කරයි. එමෙන්ම ඔහු ප්‍රජාතන්ත්‍රවාදීව සිතන කෙනෙක් නෙමෙයි. …ගෝඨාභය රාජපක්ෂ නාධිපති වුවණොත් දෙමළ වැසියන්ට අඳුරු යුගයක් උදාවෙනවා. ඒ නිසා ඔහුට ඡන්දය ලබා දෙන්න කියලා කියන්නෙත් නැහැ. කිසිම තැනක කියලත් නැහැ. ඒ මගේ ස්ථාවරය”

ජාතිවාදය විසින් නැවත ජාතිවාදය පෝෂණය කරන බව දේශපාලනය පිළිබද සාමාන්‍ය අදහසකි. ගෝඨාභය රාජපක්ෂ විසින් සිය දේශපාලන ව්‍යාපාරය තුළින් උතුරේත් වෙනත් ප්‍රදේශවලත් තමිල් ජනතාව අතර ජාතිවාදය නැවත ශක්තිමත් කරන්නට නියමිත බව මෙයින් පෙනී යන අතර එයින් විග්නේශ්වරන් ඇතුලු තමිල් ජනයා වෙනුවෙන් පෙනී සිටින බව කියමින් බලය සදහා දේශපාලනය කරනවුන්ට ඡන්ද පදනම සවිමත් වනු ඇත.