தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
විද්‍යා ඝාතකයන්ට පැනයන්න උදව් කළ පොලිස් නිලධාරින්ට නඩු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විද්‍යා ඝාතකයන්ට පැනයන්න උදව් කළ පොලිස් නිලධාරින්ට නඩු!



සිවලෝගනාදන් විද්‍යා දැරිය ලිංගික අපරාධයකට ලක්කොට ඝාතනය කළ බවට වරදකරුවන් වී ඇති පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම වලක්වා පළායාමට උපකාර කළ බව චෝදනා ලැබ සිටින එවකට යාපනය පොලීසියට අනුයුක්තව සේවය කළ සුන්දරේශන් ශ්‍රිගජන් නමැති පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.ජුඩ්සන් විසින් නියෝග කර තිබේ.

සැකකරුවන්ට පළා යාමට උපකාර කළ බවට චෝදනා ලැබ තිබෙන උතුරු පළාත් භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ  සම්බන්ධ නඩුව ඊයේ(10) විභාගයට ගත් අවස්ථාවේ කයිට්ස් මහේස්ත්‍රාත්වරයා පොලීසිය වෙත එලෙස නියෝග කළේය.

මෙම චෝදනා එල්ල වී ඇත්තේ පාසල්ය දැරිය ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වරදකරු වු ස්විස්කුමාර් නමැත්තා ඇතුළු පිරිසට පළා යාමට උපකාර කොට අදාළ සිදුවීමෙන් අනතුරුව පළාගොස් ඇති අතර ශ්‍රිගජන් නමැති උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහිවය. සැකකාර ‍උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවද පොලීසිය අධිකරණයට පැවසීය.

මෙම නඩු විභාගය 2019 ජනවාරි මස 30 වැනිදා විභාගයට ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි. නඩු විභාගයට අදාළ නීතිපති උපදෙස් විමසීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ මෙහෙයවයි.