Posted on 06.25.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට පැවරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.
ඒ සඳහා වන යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව විද්‍යුත් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ 15 ක් පමණ වාර්ෂිකව අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා ඇත.
මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ 50 මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගම් දෙකකට දීමට පසුගිය ආණ්ඩුව සමයේ පත් කරන ලද ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය තිබූ තීරණය ප්‍රතික්ෂේප කර එය මුද්‍රණ දෙපාර්තමේන්තුවට බාර දෙන්නැයි ජනාධිපතිවරයා යෝජනා කර ඇතැයි පැවසේ.