தமிழ்
English
Contact
Thursday 5th December 2019    
විදුලිබල අමාත්‍යංශ ලේකම් කෝප් කමිටුව මග හැර විදේශ ගත වෙලා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදුලිබල අමාත්‍යංශ ලේකම් කෝප් කමිටුව මග හැර විදේශ ගත වෙලා



පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවේ පෙනී සිටින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩට දැනුම් දී තිබියදීත් ඔහු එය මගහැර විදේශ ගතවීම සම්බන්ධයෙන් කෝප් කමිටුව අප්‍රසාදය පළ වී තිබේ.

කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද පස්වරුවේ රැස්විය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ නිලධාරීන් කෝප් කමිටුව වෙත කැඳවා තිබුණේ ගල් අඟුරු ජෙනරේටර් 50 ක් මිලදී ගැනීම, හදිසි අවස්ථා යටතේ විදුලිය මිලදී ගැනීම ආදී කටයුතු රැසකදී සිදුව ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් කරුණු විමසීමටය.

මේ සඳහා ලේකම්වරයා වෙනුවට වැඩබලන ලේකම්වරිය පැමිණ සිටියද අදාළ කරුණු සම්බන්ධයෙන් විමසීමට ලේකම්වරයා සිටිය යුතු බව තීරණය කළ කමිටුව ඔහු ඔක්තෝබර් 8 වැනිදා කැඳවීමට තීරණය කර තිබේ.