தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
විදුලිබල මණ්ඩලය පාඩු වීම ගැන මෛත්‍රීගෙන් මහජන උපයෝගිතා කොමිසමට දොස් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදුලිබල මණ්ඩලය පාඩු වීම ගැන මෛත්‍රීගෙන් මහජන උපයෝගිතා කොමිසමට දොස්



විදුලි බල මණ්ඩලයේ සිදුව තිබෙන දැවැන්ත කඩාවැටීම පිළිබඳ වගකීමේදී මහජන උපයෝගිතා කොමිසමට ඉන් නිදහස් විය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 89ක පාඩුවක් මේ වසර වනවිට ලබා ඇති බවයි.

රටටම එළිය දෙන විදුලිබල මණ්ඩලය අඳුරෙන් ගලවා ගැනිම සඳහා කඩිනම් පියවර ගත යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලාවේ පැවැති රූබන් වික‍්‍මරආරච්චි විසින් රචිත “විදුලි පුරාණය“ ග්‍රන්ථය එළිදැක්විමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ බව පැවසීය.

මේ අතර ජලසම්පාදන, ඛනිජතෙල් සහ ශ‍්‍රී ලංකා ගුවන් සේවය යන ආයතනවල සිදුවන අක‍්‍රමිකතා රට දැවැන්ත ආර්ථික අගාධයකට ඇඳදමා තිබෙන බව පෙන්වාදුන් ජනාධිපතිවරයා ආණ්ඩුවක් ලෙස තීන්දු තීරණ ගැනීමේදී මෙම ආයතනවලින් රටේ ආර්ථිකය බේරා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව ද සඳහන් කළේය.