தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
විදුලි කප්පාදුවක් ගැන වෘත්තීය සමිති අනතුරු අඟවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදුලි කප්පාදුවක් ගැන වෘත්තීය සමිති අනතුරු අඟවයි



ඉන්ධන අර්බුදය හේතුවෙන් යළිත් වරක් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කර ඇත්තේ ඉන්ධන අර්බුදය හේතුවෙන් සපුගස්ගන්ද තාප විදුලි බලාගාරයේ විදුලි නිෂ්පාදන කටයුතු මේ වන විට නතර වී ඇති බවය.

ජල විදුලි නිෂ්පාදනය ද අවම වුවහොත් විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇති බව රංජන් ජයලාල් සඳහන් කර ඇත.