Posted on 08.12.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විදුලි ගාස්තු වැඩි කිරීමේ ක්‍රමවේදය තුළ සහන ලබාදීමට අවශ්‍ය අයට සහන ලබාදීමට කටයුතු කරන බව සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි.
පසුගිය දිනවල විදුලි බල මණ්ඩලය නිවේදනය කළ විදුලි ගාස්තු ඉහළ නැංවීමේ ක්‍රමවේදයේදී අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට වැඩි වශයෙන් අය කෙරෙන අනුපාතයක් මෙන්ම වැඩි විදුලි පරිභෝජනයක් සිදුකරන පාරිභෝගිකයන්ට අඩු අනුපාතයක ගාස්තු වැඩිවීමකුත් සැලසුම්කර තිබේ. මෙම විදුලි ගාස්තු සංශෝධනයේදී ඒකක 0-30 දක්වා පරිභෝජනය කරන කෙනෙකු 264%ක ගාස්තු වැඩිවීමකට මුහුණ දෙන නමුත් ඒකක 91-120 දක්වා පරිභෝජනය කරන අයකුට ගාස්තුව වැඩිවන්නේ 89%කින් පමණි.
මේ අනුව, විදුලි බල ගාස්තු අය කිරීමේදී සාමාන්‍ය විදුලි පරිභෝජනයකින් සිය අවම ජීවන අවශ්‍යතා සපුරාගන්නා අඩු ආදායම්ලාභී ජනයා වෙත වැඩි බරක් පටවන විදුලි බලධාරින්, වැඩි විදුලි පරිභෝජනයක් සිදුකරන කර්මාන්ත ආයතන හා දැවැන්ත සමාගම් වෙතින් අය කිරීමේ සහනයක් ලබා දෙන බව පෙනී යයි. මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මතුව ඇති තත්වයකදී ආණ්ඩුව වෙනුවෙන් සුසිල් ප්‍රේමජයන්ත් පවසන්නේ සහන දිය යුතු අයට එය ලබා දෙන බවය. නමුත් මෙවැනි ගාස්තු ඉහළ නැංවීමක් සැලසුම් කිරීමේදී පළමුව ආර්ථික පීඩාවේ කරවටක් ගිලී සිටින ජනයා සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිදු බලධාරියකු සැලකිල්ලට ගෙන නැති බව පැහැදිලිය.