தமிழ்
English
Contact
Friday 14th August 2020    
විදෙස්ගත ලාංකිකයන් පිරිසක් ලංකාවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදෙස්ගත ලාංකිකයන් පිරිසක් ලංකාවට



විදේශයන් හි රැඳී සිටි පිරිසක් අද (23) උදෑසන දිවයිනට පැමිණි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව අබුඩාබී සිටි එක් පුද්ගලයෙක්, දෝහා සිට පුද්ගලයින් 29 දෙනෙක් හා චෙන්නායි සිට පුද්ගලයින් 14ක් දිවයිනට පැමිණ තිබේ.

මෙසේ පැමිණි සියලු දෙනා ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කර ඇතැයි ද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

නමුත් විදෙස් ගත ලාංකිකයන් ගෙන්වීම තාවකාලික නවතා දමා ඇති බව ආණ්ඩුව මෙම මස මුලදී ප්‍රකාශයට පත්කර තිබුණි.