Posted on 09.16.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විගමණික සේවකයන්ගේ දරුවන් සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව මේ වසරේ ලබාදීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ. මහින්ද රාජපක්ෂ කම්කරු අමාත්‍යවරයා ලෙස 1996 වසරේදී ආරම්භ කරන ලද එම ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන නවත්වනු ලැබූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.
පහවසර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුවකුට රුපියල් 15,000 ක්ද, සාමාන්‍ය පෙළ විභාගය සමත් සිසුවකුට රුපියල් 20,000 ද උසස් පෙළ විභාගය සම සිසුවකුව රුපියල් 30000 ක්ද වශයෙන් මෙම ශිෂ්‍යත්ව ලබාදිම සඳහා 2019 වසරේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් දරුවන්ගෙන් මේ වනවිටත් අයැදුම්පත් කැඳවා ඇතත් කොරෝනා තත්ත්වය හේතුවෙන් කාර්යාංශය පාඩු ලබන බව පවසා මෙම ශිෂ්‍යත්ව ලබාදීම නැවැත්වීමට කළමනාකරණය තීරණය කර ඇත.
මේ අතර කාර්යාශයෙන් වාර්ෂිකව විගමණික සේවකයන්ගේ දරුවන් වෙනුවෙන් ලබාදෙන පාසල් උපකරණ සඳහා ඉල්ලුම්පත් 2000 ක් පමණ දැඩි ඇතත් ඒවා ලබාදිමද නවතා ඇතැයි පැවැසේ.